උඩ පන්දුවක් කළ හදිය : අසේල ගුණරත්න මාසයක් පිටියෙන් ඉවතට – ක්‍රීඩා

aselaඉන්දියාව සමඟ පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් උඩ පන්දු ගිලිහීයාම තරගයේ මුල් දිනයේ අවාසිදායක තත්වයක් උදා කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පවසයි .

ඉන්දීය පිතිකරු ශිකර් ධවාන්ගේ උඩ පන්දුවක් ගිලිහි යාම ඉන් වැඩිම අවාසිදායක තත්ත්වය වූ බව හෙතෙම වැඩිදුරටත් පැවසීය .

“ඇත්තටම ධවාන්ගේ උඩපන්දුව ස්‌ලිප් එකට ආපු සාමාන්‍ය උඩපන්දුවක්‌. නමුත් එයින් අපිට ක්‍රීඩකයකු තරගයට නැති වුණා. දැන් දහදෙනෙක්‌ එක්‌ක ක්‍රීඩා කරන්න වෙන්නේ. ඩිල්රුවන් පෙරේරා තමයි හත්වැනි පිතිකරුවා විදිහට දැන් ක්‍රීඩා කරන්න ඉන්නේ. අසේල නැතිවීම ලොකු පාඩුවක්‌. ඔහු හොඳ සටන්කාමීයෙක්‌. කොහොම වුණත් ඔහුට තව සති හතරක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ ක්‍රිකට්‌ ක්‍රීඩා කරන්න වෙන එකක්‌ නැහැ”. යෑයි ගුරුසිංහ තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

කාසියේ වාසිය හිමිවීමෙන් අනතුරුව ඉන්දීය නායක විරාට් කෝලි මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. ෂිකර් ධවාන් ආක්‍රමණකාරී හරඹයක නිරත වෙමින් පස්‌වැනි ටෙස්‌ට්‌ ශතකය වාර්තා කරගත් අතර එය ඔහුගේ පළමු ද්විත්ව ශතකය බවට පෙරළා ගැනීමට තිබූ අවස්‌ථාව වැලකි ගියේ අවාසනාවන්ත ලෙසය.

ෂිකර් ධවාන් ලකුණු 31 ක්‌ ලබා සිටියදී ළහිරු කුමාර යෑවූ පන්දුවකට දෙවැනි ස්‌ලිප්හි සිටි අසේල ගුණරත්න අතට දුන් උඩ පන්දුව ඔහු අතින් ගිලිහි ගිය අතර .ධාවන් ලකුණු 190 ලබාගත්තේය. ඔහු සමඟ දෙවන කඩුල්ල සඳහා ලකුණු 253ක සම්බන්ධතාවයක් ගොඩනැගු චෙස්‌ටවර් පුජාරා සිය 12 වැනි ටෙස්‌ට්‌ ශතකය වාර්තා ගත් අතර ඔහු නොදැවී ලකුණු 144ක් ලබා සිටි.

දෙවන පාඩුව

ධාවන්ගේ ගිලිහුණු උඩපන්දුව ශ්‍රී ලංකාවට තවත් ප්‍රබල පාඩුවකට මඟ විවර කළේය. එම උඩපන්දුව අතේ වැදීමෙන් අසේල ගුණරත්න රෝහල් ගත කළ අතර ඔහුගේ වම් අතේ මහපටඟිල්ලේ අස්‌ථි බිඳීගොස්‌ තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.