උපුල්ට සහ දිනේෂ්ට ක්‍රිකට් නායකත්වය

dinesh and upulශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට උපුල් තරංග පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

නව ටෙස්ට් නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් පත්කරනු ලැබ සිටී. සිම්බාබ්වේ සමග පැවැති එක්දින තරගාවලිය පරාජයට පත්වීමත් සමග තමා නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ඇන්ජලෝ මැතිව්ස් දන්වා සිටි අතර අද(12) පෙරවරුවේ ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී නව නායකයින් ප්‍රකාශයට පත් කෙරිණි.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත ටෙස්ට් කි‍්‍රකට් තරගය සදහා ශී‍්‍ර ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට ප‍්‍රථම තේරීම් කමිටුවේ සභාපතිවරයා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී නිල වශයෙන් දැනුම් දුන්නේය.

එම කණ්ඩායම පහතින් බලන්න….

දිනේශ් චන්දිමාල් – නායක
උපුල් තරංග – උප නායක
ඇන්ජලෝ මැතිව්ස්
නිරෝෂන් දික්වැල්ල
දිමුත් කරුණාරත්න
ධනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
අසේල ගුණරත්න
රංගන හේරත්
දිල්රුවන් පෙරේරා
ලක්ෂාන් සදකැන්
විශ්ව ප‍්‍රනාන්දු
සුරංග ලක්මාල්
දුෂ්මන්ත චමීර
ලහිරු කුමාර

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.