ක්‍රිකට් ක්‍රීඩකයින් ඉංග්‍රීසි දන්නේ නැති එක ප්‍රශ්නයක් – ඩිල්ෂාන්

Dilshan1ක්‍රිකට් ක්‍රීඩකයින් ගේ ඉංග්‍රීසි නොදැනුම ඔවුන්ගේ ගිවිසුම් වටහා ගැනීමට බාධා පමුණුවන බව තිලකරත්න ඩිල්ෂාන් පවසයි. එහිදී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ “පිට පළාත්වලින් එන ඇතැම් ක්‍රීඩකයින්ට ගිවිසුමක් කියවන්න සමහරවිට ඉංග්‍රීසි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒක අපිටත් තිබ්බා ඒ කාළේ… ඉතින් ඒක මගහරවා ගන්නනේ මේ කළමණාකාරයෝ තියා ගන්නේ. ඒකයි මම කියන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ හෝ අමාත්‍යවරයා එහෙමත් නැතිනම් පාලක මණ්ඩලය යටතේ ආයතනයක් තිබ්බා නම් මේ හැම ක්‍රීඩකයාවම කළමණාකරනය කරන්නේ ඒගොල්ලෝ.. සමහර කළමණාකාරයෝ මිලියන 100 කට වඩා හොයනවා අවුරුද්දකට ක්‍රීඩකයන්ගෙන්. ඒ සල්ලිත් ක්‍රිකට් ආයතනයටනේ ඉතුරු වෙන්නේ මේ දේ කරා නම්. මේ නිසා ක්‍රීඩකයන්ට පහසුවෙන් වෙළඳ දැන්වීම්වලටත් යන්න පුළුවන්.” යනුවෙනි.

facebook

ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඇතැම් තුන් ඉරියව් ක‍්‍රීඩකයින් සිය වගකීම් නිසි ලෙස ඉටු නොකරන්නේ නම් ඒ පිළිබඳ ක‍්‍රිකට් ආයතනය වහා පියවරක් ගත යුතු බව හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් පැවසුවේ ගුවන්ප විදුලි වැඩසටහනකට එක්වෙමින්. facebook අප්ඩෙට් කිරීම සහ ෆෝන් එකේ එල්ලී සිටීම ක්‍රීඩක කැපවීමට බලපාන බව ඩිල්ෂාන් පැවසීය. ඔහු කියා සිටියේ තුන් ඉරියව් ක‍්‍රීඩකයින් ලෙසින් කණ්ඩායමට ඇතුළත් වන ක‍්‍රීඩකයින් පිතිකරණය හෝ පන්දු යැවීම පමණක් තෝරා ගැනීම පිළිබඳව පරිපාලනය තීන්දුවක් ගත යුතු බවයි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.