ක්‍රිකට් ක්‍රීඩාවේ චාලි ඔස්ටින් සාධකය ගැන කලබැගෑනියක්

Charlie Austinශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් ගේ පුද්ගලික කළමණාකරුවෙකුවන් ගේ ක්‍රියා කලාපය ක්‍රීඩාවට අහිතකර ලෙස බලපාන බව පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වැඩි දෙනාගේ කළමනාකරු එංගලන්ත ජාතිකයෙකු වන චාලි ඔස්ටින්ය.

ක්‍රීඩකයා හා කළමනාකරු අතර කාල සීමාවකට යටත්ව ගිමිසුමක් අත්සන් කිරීමේ සම්ප්‍රදායේ පෙර ගමන් කරු වන චාලි ඔස්ටින් අනුගමනය කරමින් තවත් බොහෝ දෙනෙක් බිහිවීමත් සමඟ ක්‍රීඩාව තුළ එකිනෙකා පරයා යන ස්වරූපයක් ඇතිවී තිබේ.

චාලි ඔස්ටින් ක්‍රික් ඉන්ෆො නම් ප්‍රසිද්ධ වෙබ් අඩවියේ ශ්‍රී ලංකා වාර්තාකරු ලෙස පත්ව ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසුනේ ය. මේ මගින් බොහෝ ක්‍රීඩකයන් ලඟින් ආශ්‍රය කිරීමට ඔහුට හැකි විය.

චාලි ඔස්ටින් මැනේජ්මන්ට් නම් සමාගම ඔහු බිහිකරන්නේ ඉන්පසුව ය. සංගක්කාර, මහේල ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ගණනාවක් ඔස්ටින් මැනේජ්මන්ට් යටතේ තම කළමනාකාරිත්වයට නතු කරගන්නට චාලිට හැකි විය චාලි අදටත් ඔවුන්ගේ කළමණාකරුය. මොවුන් දෙදෙනාගේ මුල්‍ය කටයුතු පරිපාලනයෙන් චාලි මේ වන විට උපයාගෙන ඇති මුදල කෝටි ගණනකි.

 

කෝටිපති

මොහු වැඩිම ආදායමක් ලබා ගත්තේ අයිපීඑල් තරඟාවලියෙනි. එහි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළත් කර ගිවිසුම් ගත කිරීමෙන් ලැබෙන 10% ක කොමිස් මුදලින් ඔහු තවත් කෝටි ගණනක් උපයා ගත්තේ ය.මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් 70% ක පමණ කළමනාකාරිත්වය දරන්නේ චාලි ඔස්ටින් ය. ඩිල්ෂාන් හැරුණු විට මෑතකදී සිටි සියළුම ක්‍රිකට් නායකයන්ගේ මහ මොළ කරු හෙවත් කළමනාකරු වන්නේද ඔහු ය. ඇන්ජෙලෝ මැතිව්ස් හා රංගන හේරත් මෙන්ම ලසිත් මාලිංග ද තමන්ගේ කළමනාකරු ලෙස තෝරාගෙන ඇත්තේ චාලි ඔස්ටින්ව ය.

ක්‍රීඩකයන් තමන් හරහා සිදු කරනු ලබන ගිවිසුම් මගින් 10% ක කොමිස් මුදලක් ලබා ගැනීම හේතුවෙන් තම කළමනාකාරිත්වය යටතේ සිටින නායකයන් හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් හරහා ක්‍රිකට් පාලක මණ්ඩලයටත් තේරීම් කමිටුවටත් බලපෑම් කිරීමට මේ අනුව අවශ්‍ය නම් චාලිට හැකියාවක් ඇත. ඉඩම් හා හෝටල් මෙන්ම සමාගම් කිහිපයක ද අයිතිකරුවෙකු බවට පත්ව කෝටිපතියෙකු වී සිටින චාලි ඔස්ටින්ගේ ස්ථිර පදිංචිය දැන් ශ්‍රී ලංකාව ය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.