ක්‍රිකට් ලෝක වාර්තාවක්

cricketආසියාව තුළ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයකදී, 4වෙනි ඉනිම සඳහා වැඩිම ඉලක්කයක් හඹා ගොස් ජයගත් කණ්ඩායමක ලෙස මෙතෙක් තිබූ ලෝක වාර්තාව ශ්‍රී ලංකා කණ්ඩායම විසින් බිඳ හෙළනු ලැබීය. ඒ අනුව, සිම්බාබ්වේ කණ්ඩායම සමග කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම  ජුලි 18 නිමාවට පත්කළේ අවසන් ඉනිම සඳහා කඩුලු 6 ට ලකුණු 391ක් ලබාගනිමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තිබූ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 388ක් විය. එය මෙතෙක් ටෙස්ට් තරගයක 4 වෙනි ඉනිමේදී කණ්ඩායමක් හමුවේ තිබූ ඉහළම ජයග්‍රාහී ඉලක්කය ද විණි

මීට පෙර ඉන්දීය කණ්ඩායම මෙම වාර්තාවට හිමිකම් කීවේ, එංගලන්තයට එරෙහිව චෙන්නායි හි පැවති තරගයක් ජයගනිමිනි. එවර ඉන්දීය කණ්ඩායම හමුවේ 4 වෙනි ඉනිම සඳහා වූ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 387ක් විය. කෙසේවෙතත්, වසර 25 ට පසු ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගයක් ජය ගැනීමට තිබූ අවස්ථාව සිම්බාබ්වේ වෙතින් අද ගිලිහී ගියේය. මෙම ජයග්‍රහණය ටෙස්ට් තරග ඉතිහාසයේ හඹාගොස් ලද 5 වෙනි ඉහළම ජයග්‍රහණය වේ.
ආසියාවේ ඉහළම ජයග්‍රහණය මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ලද එවැනි ඉහළම ජයග්‍රහණය ද වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.