ගං වතුරට ක්‍රිකට් සාත්තුවක්

cricketසැප්තැම්බර් මස 8 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ, රාත්‍රී විස්සයි විස්ස තරගයක් පැවැත්වෙන්නේ ස්වාභාවික විපත්වලට මුහුණදුන් පවුල්වල ළමුන් වෙනුවෙන් අරමුදල් රැස්කර ගැනීමටයි. ලෝක ක්‍රිකට් කණ්ඩායම්වල සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ක්‍රිකට් කණ්ඩායමක් හා ශ්‍රී ලංකාවේ වත්මන් හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් අතර මෙම තරගය පැවැත්වීමට නියමිතය. පකිස්තානය, බංගලාදේශය, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය මෙම තරගය සඳහා ක්‍රීඩකයන් එවීමට එකගවී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් හා සුපිරි ක්‍රීඩකයන් කිහිපදෙන්කුට ද ආරාධනා

ඕස්ට්‍රේලියානු පිලේ හිටපු නායක මයිකල් ක්ලාක් සහ පකිස්ථාන පිලේ හිටපු නායකයන් වන සහිඩ් අෆ්රිඩි හා මිස්බාහුල් හක් යන අයට ද මෙම තරගයට එක්වන ලෙස ආරාධනා කර තිබේ. ඊට අමතරව දකුණු අප්‍රිකාවේ ෆාෆ් ඩු ප්ලේසි, ඩේවිඩ් මිල්ලර්, බංගලාදේශයේ මහ්මදුල්ලා, නාසීර් හුසේන්, නවසීලන්තයේ ග්‍රාන්ට් එලියට් සහ ලුක් රොන්චි ද මෙම තරගයට එක්වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් හා සුපිරි ක්‍රීඩකයන් කිහිපදෙන්කුට ද මෙම තරගයේ ශ්‍රී ලංකා XI කණ්ඩායම නියෝජනය කරනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.