චන්දිමාල් රෝහලේ – විකල්ප නායකත්ව සැලසුමක්

dinesh chandimalශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

නියුමෝනියා තත්වයක් හේතුවෙන් චන්දිමාල් මෙලෙස රෝහල්ගත කර ඇති අතර ඔහුට ඒ හේතුවෙන් ඔහුට ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය අහිමි වී තිබෙනවා.

එමෙන්ම අවම වශයෙන් තරඟ දෙකක්වත් ඔහුට අහිමිවණු ඇති බවයි වාර්තා වේ. සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් තරඟය ජූලි 26 වැනිදා ගාල්ලේදී පැවැත්වෙඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ක්‍රිකට් ආයතනයේ ඊයේ පැවති මාධ්‍ය හමුවටත් දිනේෂ් චන්දිමාල් සහභාගී වුයේ නැත.

ඒ උන රෝගයෙන් පෙලීම හේතුවෙන්. අද උදෑසන රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහුව රෝහල්ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ. චන්දිමාල් අසනීප වීම නිසා ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරඟය රංගන හේරත්ගේ නායකත්වය යටතේ පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.