චන්දිමාල් සහ තිරිමන්න සිම්බාබ්වේ සංචාරයට නැහැ

Lahiru Thirimanne and Dinesh Chandimalඇඟිල්ලක ආබාධයක් සුව නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක දිනේෂ් චන්දිමාල් එළැඹෙන සිම්බාබ්වේ සංචාරය සඳහා තෝරා නොගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

පසුගිය සැප්තැම්බර් 19 වැනි දින පැවති දේශීය තරඟයකදී හටගත් ඇඟිල්ලේ ආබාධයක් වෙනුවෙන් කරන ලද සැත්කමෙන් අනතුරුව ඔහු තවමත් සුවය ලබා නැති බව, ක්‍රිකට් ආයතනය කියා සිටී.

මෑත මාස කිහිපය ඇතුලත පැවති තරඟවලදී සුපුරුදු දක්ෂතා අතරට ඒමට අපොහොසත් වූ තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු වන ලහිරු තිරිමාන්නද සංචාරය සඳහා තෝරාගෙන නැත.

සිම්බාබ්වේ සංචාරයට තෝරාගෙන තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම: ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, කෞෂල් සිල්වා, දිමිත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, කසුන් මධුශංක, ලහිරු කුමාර, ලහිරු ගමගේ, සුරංග ලක්මාල් සහ අසේල ගුණරත්න.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.