චාමර සිල්වාට වසර 2 ක ක්‍රිකට් තරඟ තහනමක්

chamara-silvaශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ චාමර සිල්වාට දෙවන පෙළ ක්‍රිකට් තරගයකට අදාළව තරග පාවාදීමේ චෝදනා පිළිබඳ මාස 7 ක් තිස්සේ පැවති පරික්ෂණයකින් අනතුරුව ක්‍රිකට්වලට අදාළ සියලූම කටයුතු වසර 2 කට තහනම් කර තිබෙනවා.

මිට අමතරව කළුතර කායවර්ධන සමාජයේ නායක මනෝජ් දේශප්‍රියට වසර 2 ක ක්‍රිකට් තහනමක් පනවා ඇති අතර, අනෙකුත් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ පරිපාලකයන්ට වසරක ක්‍රිකට් තහනමක් පනවා තිබේ. තවද පානදුර ක්‍රිකට් සමාජය සහ කළුතර කායවර්ධන සමාජය යන කණ්ඩායම් දෙකටම රුපියල් පන් ලක්ෂය බැගින් වූ දඩයක්ද නියම කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.