ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව වේග පන්දු පුහුණුකරු – වාස්

Chaminda Vaasඉදිරියේදී සිදුවන ඉන්දියානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු වශයෙන් හිටපු වේගපන්දු යවන ක්‍රීඩකයෙකු සහ පුහුණු උපදේශක වරයකු වශයෙන් කටයුතු කළ චමින්ද වාස් මහතා තෝරා පත් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (21) තීරණය කොට ඇත.

මිට පෙර කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ චම්පක රාමනායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත ලබාදිම හේතුවෙන් මෙම තීරණයට එළඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවිය.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කර පුහුණුකරු තනතුරෙන් ඉවත්වූ චම්පක රාමනායක මහතා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරක් බාරගැනීමට නියමිතව ති බවට වාර්තා වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.