තරඟ පවා දීමේ චෝදනා යට ගිහින්

cricketශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් සිදුකරගෙන යන පළමු පෙළ ක්‍රිකට්‌ තරගයක සිදුවූ බවට චෝදනා ලද තරග පාවාදීමේ වාර්තාව යම් යම් මතභේද සහ සාක්‌කි වෙනස්‌ කිරීමට දරන උත්සහයන් හමුවේ යට ගැසීමේ කුමන්ත්‍රණයක්‌ තිබෙන බවට “දිවයින” පුවත්ට පත කියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ උප සභාපතිවරයකු වන කේ.මතිවානන් මහතාට මෙම විමර්ශනය මෙහයවමින් සිටී.

, “කිසිම අවස්‌ථාවක මේ වාර්තාව යට ගහන්න කාටවත් මම ඉඩ තියන්නෙ නැහැ. මේ තරග පාවාදීමේ වාර්තාව මගේ අතට තවම ලැබුණෙ නැහැ. මොකද මම පසුගිය දවස්‌වල විදෙස්‌ගතව සිටියේ. ඉදිරි සති දෙක ඇතුළත අනිවාර්යයෙන්ම මේ පරීක්‍ෂණයේ වාර්තාව මම එළියට දාන්න කටයුතු කරනවා. මේ වාර්තාවත් එක්‌ක කාටවත් “ගේම් ගහන්න” බැහැ.” යනුවෙන් කේ.මතිවානන් මහතා පැවසීය.

මීට මාස හතකට පමණ පෙර කලුතර කායවර්ධන කවය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර කළුතර මග්ගොන ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ සිදුවූ බවට සැක කෙරෙන තරග පාවාදීම වරාය අධිකාරිය විසින් පැමිණිලි කර තිබේ. කෙසේ වෙතත් මාස කිහිපයක්‌ ගත වුවද සතියකින් හෝ දෙකකින් එළියට දමන බව කියන මෙම වාර්තාවට තවමත් බාලගිරිදෝෂය වැළඳී තිබීම මෙරට ක්‍රිකට්‌වලට කෙරෙන අහිතකර තත්ත්වයක්‌ බවට තතු දත් උදවිය පවසති.

“මේ වාර්තාවෙ හරි දේ එළියට දාන්න බැරිනම් මම මෙතන ඉඳල වැඩක්‌ නැහැ. අනිවාර්යයෙන්ම මේ වාර්තාවේ වරදක්‌ වෙලා තියෙනවනම් ඒ සියලු දෙනාට නිසි දඩුවම් දෙන්න මම ක්‍රියාකරනවා. ඒක කාටවත් වෙනස්‌ කරන්න බැහැ. සමහරු කියනවා මගේ අතට වාර්තාව හම්බ වෙලා කියලා. තවම නම් මගේ අතට වාර්තා ලැබුණෙ නැහැ. මේක ප්‍රමාද වුණේ සාක්‌කි ලබාදෙන්න නියමිත පාර්ශ්ව ඒ සඳහා අවශ්‍ය සහය ලබා නොදීමයි. එක වෙලාවක ක්‍රීඩා සමාජ දෙකම මේ පරීක්‍ෂණ මග හැරියා.” යෑයි මතිවානන් මහතා වැඩිදුරටත් පවසා ඇත.

මෙය ක්‍රීඩා සමාජ තරඟයකි. එහෙයින් මේ ගැන හොයා බැලීම වැදගත් නැති බව කෙනෙකුට පසිය හැකිය. එහෙත් වඩා වැදගත් වන්නේ පුර්වදර්ශයයි.

ප්‍රසාද ලකුණු

සැකයට තුඩු දෙන අදාළ තරගයේදී වාර්තාවන අන්දමට පළමුව පිති ප්‍රහාරයේ නිරත වූ කලුතර ක්‍රීඩා සමාජය පන්දුවාර 113 කදී ලකුණු 390 ක්‌ ලබා ගෙන තිබේ. පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිමේදී පන්දුවාර 68.3 කදී ලකුණු 423 ක්‌ ලබා ඇත. මෙම තරගයේ පළමු ඉනිමේදී කලුතර ක්‍රීඩා සමාජයේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය 3.78 කුත් පානදුර ක්‍රීඩා සමාජයේ ඕවරයකට ලකුණු ලබා ගැනිමේ වේගය 6.17 ක්‌ ලෙස සටහන් වේ. දෙවැනි ඉනිමේදී කලුතර පිල ඕවර 22.5 කදී ලකුණු 197 කට දැවී ගොස්‌ ඇත. තරගයේ පූර්ණ ජයග්‍රහණය සඳහා පානදුර පිලට අවශ්‍ය වූ ලකුණු 165 ඕවරයකට දළ ලකුණු 12.21 ක වේගයෙන් ලබා තිබේ. එහිදී ප්‍රිමියර් “බී” කාණ්‌ඩයේ සිට “ඒ” කාණ්‌ඩයට උසස්‌ වීම සඳහා පානදුරට පිලට ප්‍රසාද ලකුණු 17.84 ක්‌ හිමිව ඇතැයි තතු දත් උදවිය පවසයි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.