පන්දු පළුදු ජඩේජාට පල්ලකැලේ තහනම්

ravindra-jadejaපල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයට ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා නොමැතිව ක්‍රීඩා කිරීමට විරාත් කෝලිට සිදුවෙයි. ඒ පන්දුව පළඳු කිරීම හේතුවෙන් ජඩේජාට එක් තරග තහනමක් පැනවීමට අයි.සී.සී.ය තීරණය කර ඇති හෙයිනි. ඒ අනුව අගෝස්තු 12 දා පල්ලෙකැලේ පිටියේදී ආරම්භවන තරගය ජඩේජාට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නෙලැබෙයි.

අයි.සී.සී. ව්‍යවස්ථාවේ 2.2.8 වගන්තිය අනුව ක්‍රීඩකයෙක්, සහායක කණ්ඩායමක්, විනිසුරුවරුන් හා තරග තීරක හෝ වෙනත් ඕනෑම පාර්ශ්වයක් ඉදිරිපිටදි පන්දුව පළළු කිරීම වරදකි.

ඒ අනුව ජඩේජාගේ තරග ගාස්තුවෙන් 50%ක දඩයක් පැනවෙනු ඇති අතර ඔහුට සෘණාත්මක ලකුණු තුනක්ද එක්වෙනු ඇත. නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පසුගිය ඔක්තෝබර් මාසයේදි අයි.සී.සී. ව්‍යවස්ථාවගේ 2.2.11 වගන්තිය කඩ කිරිම හේතුවෙන් ඒ අනුව ඔහුට සෘණාත්මක ලකුණක් හිමිවිය. ඒ අනුව ඔහුගේ සෘණාත්මක ලකුණු සංඛ්‍යාව හතරක වූ අතර එහි ප්‍රථිඵලය ලෙසට එක් ටෙස්ට් තරගයක් හෝ එක්දින තරග දෙකක් හෝ විස්සයි20 තරග දෙකක තහනමක් පැනවෙනු ඇත.

මේ අතර ඊළග අවුරුදු දෙක තුළදී ජඩේජා සෘණාත්මක ලකුණු 8ක් එක්කර ගත හොත් ඔහුට ටෙස්ට් තරග දෙකක් හෝ එක්දින තරග හතරක් හෝ විස්සයි20 තරග හතරක තහනමක් පැනවෙනු ඇත. මේ දක්වා ජාත්‍ය්තර ක්‍රිකට් පිටියේ තවමත් කිසිඳු ක්‍රීඩකයෙකුට එවැනි තහනමක් පැනවි නොමැත.

තරගයේ 58 වැනි පන්දුවාරයේ අවසන් පන්දුව යොමුකරන විට ජඩේජා මෙම පළුදු කිරිම සිදුකර තිබේ. ඒ දිමුත් කරුණාරත්න වෙත පන්දුව යොමුකරන විටදීය. පිටියේ විනිසුරන් මේ පිළිඳව තරග තීරක රිචී රිචඩ්සන් වෙත පැමිණිලි කර ඇති අතර පසුව ජඩේජා ඔහු ඉදිරියේ සිය වරද පිලිගෙන ඇත.

එස්.එස්.සී. පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂී සේවයක් කළ අතර තරගයේ වීරයා ලෙසින්ද ඔහු සම්මාන ලැබීය. අංක 9 පිතිකරුවා ලෙසින් පිටියට පිවිස පළමු ඉනිමේදී ලකුණු 70ක් රැස්කළ ජඩේජා එම ඉනිමේදී පන්දු යවමින් ලකුණු 84ට කඩුලු දෙකක් දවාගත්තේය. දෙවැනි ඉනිමේදී ඔහු කඩුලු පහක්ද දවාගත්තේය.

“අංශ දෙකෙන්ම දක්ෂතා දක්වන ක්‍රීඩකයන් සෙයා ගැනීමට අපහසුයි විශේෂයෙන්ම ටෙස්ට් තරගවලදී. ඔහු තරගයේ ඕනෑම අවස්ථාවකදී ලකුණු 60-70ක් ඉක්මනින් ලබාදෙනවා ඒ එරහා තරගය වෙනස් වෙනස්වෙනවා. 2014 ලෝඩ්ස් තරගය, ධර්මශාලාවලදි ඔස්ට්‍රේලියාවට එරෙහිව මාර්තු මාසයේ පැවැති තරගය මෙන්ම පසුගිය නොවැම්බර් මාසයේදී එංගලන්තයට එරෙහිව පැවැති තරග වලදී වැඩි දායකත්වයක් ලබාදුන්නා”

තෙවැනි ටෙස්ට් තරගයට ජඩේජා ක්‍රීඩා නොකරිම ඉන්දිය කණ්ඩායමට විශාල පාඩුවක් වෙයි. ඒ අනුව අම තරගයේදී කුල්දීප් යාදව්ට කණ්ඩායමට පැමිණිමට අවසථාව තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.