පැරදුනාට අපි සැලෙන්නෙ නෑ

cricketWඑංගලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් පරාජය වුවත්, තරගාවලියේ අවසාන කණ්ඩායම් හතර අතරට තේරී පත්වීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පවසයි. සෙනසුරාදා බ්‍රිස්ටල් නුවර නවසීලන්තයට එරෙහිව පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 9 ක අන්ත පරාජයක් අත්විය.

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා ඉනෝකා රණවීර, මෙම පරාජයෙන් පසුබට නොවී ඉදිරි තරග ජයග්‍රහණය කිරීම සිය අපේක්ෂාව බව  බීබීසී යට ප්‍රකාශ කර තිබිණි.

“මම හිතන්නේ තවමත් අපිට අවස්ථාව තියෙනව මුල් කණ්ඩායම් හතරට එන්න. ඉතින් ඉදිරි තරග හොඳින් ක්‍රීඩා කරලා කෙසේ හෝ මුල් කණ්ඩායම් හතර අතරට ඒම තමයි අපේ බලාපොරොත්තුව,” ඇය පවසන්නීය.

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය හමුවේ අන්ත පරාජයක් ලබන විට එදින පැවති අනෙක් සමාරම්භක තරගයේදී එංගලන්ත කණ්ඩායම විශ්මයට පත්කරමින් දැවැන්ත ජයග්‍රහණයක් අත්කරගැනීමට ඉන්දීය කාන්තා පිල සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන බ්‍රහස්පතින්දා ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග වදින අතර, ඉන් අනතුරුව ලබන ඉරිදා සත්කාරක එංගලන්තයට එරෙහිව තරග කිරීමට නියමිතය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.