බුල්ඩෝසරයකට යටවීම සුවදායකද ?

cric)

 

What happens when the big three dominate Cricket?

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය, ක්‍රිකට්පරිපාලනය වෙනස් කිරීමට ගත්  තීරණ වලට එකග වීමටත්, සහය පළ කිරීමටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක මණ්ඩලය තීරණය කොට තිබෙනවා.

පසුගියදා සිංගප්පුරුවේදි පැවැති  අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල රැස්වීමකදි ශ්‍රී ලංකාව ඡන්දය  දීමෙන් වැලකී සිටියේ තමන්ට  මේ පිළිබද සාකච්ඡා කිරීමට තවත් කාලයක් අවශ්‍ය බව කියමින්. මේ යෝජනාවල බොහෝදේ ගැබ්ව තිබුනත්  ප්‍රධාන තීරණය වුනේ ක්‍රිකට් බලවතුන් තිදෙනෙකුගේ අතට ක්‍රීඩාව නතුකර ගැනීමත් ඔවුන්ට ක්‍රිකට් වලින් වැඩි මුදලක් ලැබෙන තත්වයක් ඇතිවීමත්ය.

බුල්ඩෝසර්කරණයක් 

 

nishantha ranatinga

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග

 

ඇතැම් ක්‍රිකට් විචාරකයින් මේ යෝජනාව හැදින් වුයේ ක්‍රිකට් ක්‍රීඩාවේ බුල්ඩෝසර්කරණයක් ලෙසිනි. දැන් කෙලින්ම රටවල් අතර  ක්‍රිකට් තරග සදහා ද්ව්පාර්ශ්වික ගිවිසුම් අත්සන් කළ හැකි වෙනවා. මේ අනුව ඉදිරි සත් වසරක කාලය තුලදී  ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 60 ක  ආදායමක් ලබාගත හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග කියා සිටින්නේ. ඉන්දිය සංචාරවලින් ඩොලර් මිලියන 28කුත්, එංගලන්ත සංචාරයෙන් ඩොලර් මිලියන 12කුත්, ඕස්ට්‍රේලියානු සංචාරයෙන් ඩොලර් මිලියන  08ක් පමණ ලබාගත හැකිවෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් බලාපොරොත්තු වන්නේ.

කකුල් මාට්ටුවක් මගහැර යැමක්ද?

ක්‍රිකට් කවුන්සිලයේ යෝජනා සම්මත වීම හේතුවෙන්  ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව යන රටවල්  බලවත් වීම හේතුවෙන්,  ආසියාතික රටවල් හේතුවෙන්, අනෙකුත් සමාජිකයින් කොන්වී යනු ඇතැයි බිය පලවී තිබුණා. එහෙත් නිශාන්ත රණතුංග කියා සිටින්නේ  මේ ප්‍රතිපත්ති ගැන  කතාබහ කිරීම පමණක් ශ්‍රි ලංකා ක්‍රිකට් මුහුණ දී තිබෙන මූල්‍ය අර්බුධයට විසදුම් ලැබෙන්නේ නැති බවයි. තවත් සමහරෙක් තරග කරන්නේ නව යෝජනා තුලින් ක්‍රිකට් ක්‍රීඩාවේ බලය තහවුරු කරගත්  බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියව සහ ඉන්දියාව ඉදිරියේදි  කරන බලපෑම් තුලින් ශ්‍රී ලංකාව වැනි රටවල් වලට  ලැබෙන ආදායමට සීමා පැනවිය හැකි බවයි. අලුත් සංශෝධනවලට එකග වීම කකුල් මාට්ටුවක් මගහැර යැමක්ද, එසේ නැතිනම් කකුල් මාටුවෙන් බිම වැටීමක්ද යන්න තීරණය කෙරෙනු ඇත්තේ  ඉදිරිකාලයේදීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.