මාලිංග කොන්ත්‍රත්තුව එපා කියයි – දයාසිරි ගේ කථාවට විරෝධය

malingaශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ලසිත් මාලිංගට ලබාදී ඇති කොන්ත්‍රාත්තුව ඔහු විසින් ප්‍රතික්ෂේප කොට ඇත. මාස 11 ක පමණ කාලයක් රට වෙනුවෙන් ක්‍රීඩා නොකිරීම නිසා මේ මොහොතේ යොග්‍යතාව පිළිබඳව ගැටළුවක් ඇති බවයි.

මෙම කොන්ත්‍රාත්තුව කොන්ත්‍රාත්තුව බාරගත්තේනම් එය අනෙක් ක්‍රීඩකයන්ට සිදුකරන අසාධාරණයක් බවයි. ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසු මට්ටමට පැමිණියහොත් ඊළග කොන්ත්‍රාත්තුවේදී තමාව සලකා බලන ලෙස ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් බවයි ඔහු කියා සිටියේ.

දයාසිරිට උත්තරයක්

ලංකා ක්‍රිකට් ආයතනය ඇතැම් අසාර්ථක ක්‍රීඩකයන්ට ගෙවන මුදල දැනගතහොත් ඔවුන්ගේ කඩුල්ල දැවී පැමිණෙන විට ගල්ගැ සීමට පවා ක්‍රීඩාලෝලීන් පෙළඹෙනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසු ගියදා පැවසුවා.

“එක ක්‍රීඩකයෙක් ඉන්නවා ඔහුගේ ගිය අවුරුද්දේ ආදායම රුපියල් මිලියන 57යි. ගහපු ලකුණු ගාන බැලුවහම එක ලකුණකට ක්‍රිකට් ආයතනය රුපියල් 56,000ක් ගෙවලා තියෙනවා,” යැයි ඇමති දයාසිරි ජයසේකර කළ ;ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ මෙවැනි ප්‍රකාශ පිළිබඳව සෙසු ක්‍රීඩකයින් විරෝධය පල නොකරන්නේ මන්දැයි තමන්ට නොතේරෙන බවයි.

‘ක්‍රීඩකයෙක් එක ලකුණක් ගන්න කරන කැපවීම මේ ගොල්ලන්ට තේරෙන්නේ නැහැ යැයි ඔහු කියා සිටියා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.