මැතිව්ස් ගේ කණ්ඩරාව ටෙස්ට් වරම අහිමි කරයි

Angelo Mathewsශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන මාසයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට ටෙස්ට් තරගාවලිය අහිමි වී යනු ඇතැයි වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී දැනගත හැකිවූයේ ඇන්ජලෝ මැතිව්ස් එක්දින තරගාවලිය අතර මැදදී කණ්ඩායමය එක්වනු ඇති බවයි.

පාදයේ ඇතිවී තිබෙන ආබාධයේ වත්මන් තත්ත්වය පිළිබඳව ඇන්ජලෝ මැතිව්ස්ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ දින දෙකකට ඉහතදී වෛද්‍යවරුන් එහි තත්ත්වය පරීක්‍ෂා කර බැලූ බවත් සම්පූර්ණ සුවය ලැබීමට නම් තවත් සති දෙකක හෝ තුනක පමණ කාලයක් විවේක ගන්නා ලෙස තමන්ට උපදෙස් දුන් බවත්ය.

“ආබාධයට ලක්වෙලා තියෙන්නේ මගේ දකුණු පාදයේ කලව පිටුපස කණ්ඩරාවයි. මේක යථා තත්ත්වයට පත්වෙන්න ටිකක් කල්ගතවන්නේ ඒ නිසා කියලයි වෛද්‍යවරුන් කියන්නේ” යයිද මැතිව්ස් පැවසීය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති විස්සයි:20 තරගාවලියේදී පාදයේ කළව පසුපස ආබාධයකට ලක්වූ මැතිව්ස්ට සති කිහිපයක් විවේකය අවශ්‍ය වීම නිසා ඔහු සියරට පැමිණියේය. එතැන් සිට සති හතරක කාලයකට පසුව මැතිව්ගේ තත්ත්වය පරීක්‍ෂා කර බැලූ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමට වෛද්‍ය හරිඳු විජේසිංහ සහ වෛද්‍ය තමිඳු වෙදතිලක ඇතුළත් වූහ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගාවලියට ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් සහ විස්සයි:20 තරග 2 ක් ඇතුළත් වේ. පළමු ටෙස්ට් තරගය මාර්තු මස 7 වැනිදා ගාල්ලේදී ආරම්භ වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!