රග්බි තරගයක් අතර ක්‍රීඩකයෙක් මරුට…

rugby24රග්බි තරගයක් අතරතුර ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයෙකුගේ වෙට්ටුවකින්  ඇද වැටුණු  ග්‍රාන්ට් කුක් නැමැති 28 හැවිරිදි  ඔස්ට්‍රෙලියානු  ක්‍රීඩකයෙකු මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.‍

මෙම ක්‍රීඩකයා බිම ඇද වැටී තුවාල ලබා ඇති අතර පසුව ඔහු රෝහලේදී මියගොස් ඇතැයි ඒජනස් වාර්තා කියයි. තරගය පැවැත්වී ඇත්තේ ඔස්ට්‍රෙලියාවේ ග්‍රාමීය කණ්ඩායම් දෙකක් අතරය.

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් ඕස්ට්‍රේලියාවේ සමස්ත රග්බි ක්ෂේත‍්‍රය දැඩි කම්පනයට ලක්වූ බව එරට නොදර්න් රිවර්ස් රග්බි ලීගයේ සභාපති බ‍්‍රයන් රික්ස් කියා සිටියි.

අනතුර පිළිබඳ පොලිස් විමර්ශන කි‍්‍රයාත්මකයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.