රියෝ ඔලිම්පික් ගිනි සිලුව කොල්ල කන තැත වරදී..

OT22016 රියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භය සටහන් කිරීමට රියෝ ද ජෙනීරෝ වෙත ගෙන යමින් සිටි ඔලිම්පික් ගිනි සිළුව ගිනිසිලුව උදුරා ගැනීමට තැත් කළ පුද්ගලයෙකු ඊයේ ( 24) පොලිස් අත්අඩංගුවට පත් විය.

සාඕ පෝලෝ නුවර පසු කරමින් රථ පෙරහැරක් ඉදිරියෙන් ඔලිම්පික් ගිනි සිළුව රැගෙන දිව ගිය ක්‍රීඩිකාව අතින් එය උදුරා ගැනීමට මේ තැනැත්තා උත්සාහ කර තිබිණි.  ඔහු ඒ උත්සාහය කරනු ලැබුවේ මාර්ගය දෙපස රැස්වී සිටි පිරිස අතරින් දිව ආ පුද්ගලයෙකු විසිනි.

ඔලිම්පික් සිළුව රැගෙන යන ක්‍රීඩිකාවගේ ආරක්ෂාවට ඇය දෙපසින් දිව ගිය පොලිස් නිලධාරීන් අතර සිටි නිලධාරිනියක් මාර්ගයට කඩා වැදුණු පුද්ගලයා ඇය වෙත ලඟා වීමට පෙර නැවත්වීමට සමත් වූවාය.  පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත් විය.

බ්‍රසීලයේ ප්‍රධාන නගර හරහා රට පුරා ගෙන යන ඔලිම්පික් ගිනි සිළුව එළඹෙන අගෝස්තු හතර වෙනිදාට ඔලිම්පික් සමාරම්භක උළෙල පැවැත්වෙන රියෝ ද ජෙනීරෝ වෙත ගෙන ඒමට නියමිතය. (බීබීසී)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!