ලෝක කුසලානය හීනයක් ද… ලංකාවට අබ සරණයි?

cricketචැම්පියන්ස් කුසලාන තරගාවලිය අවසානයේ අයි.සී.සී. එක්දින ශ්‍රේණිගත කිරීමේ නවතම අනුපිළිවෙළට අනුව ශ්‍රී ලංකා පිල අටවැනි ස්ථානයට පත්වීමත් සමග 2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා ගෞරවාන්විතව සුදුකම් ලබා ගැනීමේ අවදානමක් ඇති වී තිබේ.

අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්වල එක්දින ශ්‍රේණිගතකිරීම්හි මුල් ස්ථාන හතේ පසුවන කණ්ඩායම් නියත ලෙසම ලෝක කුසලානය සඳහා සුදුකම් ලබන්නේය. ලංකාව සිටින්නේ අටවන තැනය. එළඹෙන සැප්තැම්බර් 30 දාට යාවත්කාලීන කරනු ලබන අයි.සී.සී එක්දින ශ්‍රේණිගතකිරීමේ මුල් ස්ථාන අට තුළ රැඳී සිටිය හැකිනම් ලෝක කුසලාන තරගය සඳහා සුදුසුකම් ලැබිය හැකිය. අනෙක් කණ්ඩායම් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා තෝරා ගැනීමේ තරගාවලියකට මුහුණ දිය යුතුය. අටවැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවට සැප්තැම්බර් 30 දාට පෙර සිම්බාබ්වේ සමග එක්දින තරග 5 ක් හා ඉන්දියා සමග එක්දින තරග 5 ක් ඉතිරිව තිබේ.

දැනට ශ්‍රී ලංකාව අයි.සී.සී එක්දින ශ්‍රේණිගතකිරීම්වල අටවැනි ස්ථානයේ පසුවේ.7 වැනි ස්ථානයට බංග්ලාදේශය ද, හයවැනි ස්ථානයට චැම්පියන්ස් කුසලාන ශූරයින් වූ පාකිස්තානය පත්ව සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.