ලෝක කුසලාන පරාජය හෙළිදරව්වේද?

arjuna ranatunga2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රි ලංකාව පරාජය වූ ආකාරය පිළිබඳව හටගත් විවාදය යළිත් මතු වී තිබේ. ඒ එදා හිටපු නායක කුමාර් සංගක්කාර වෙත දැඩි වාග් ප්‍රහාරයක් අර්ජුන රණතුංග ගෙන් එල්ල වීමෙන් අනතුරුවයි.

අවසන් තරගයේදී සිදු වූයේ කුමක්ද යන්න සොයා බැලීම සඳහා විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අර්ජුන රණතුංග අමාත්‍යවරයා ඉල්ලා සිටී. “මම කියන්නේ 2011 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට මොකද වුණේ කියලා පරීක්ෂණයක් කරන්න. ක්‍රීඩා ඇමැතිවරු කරන්න ඕන ඕවා” යැයි අර්ජුන කියා සිටී.

ඉන්දියාවට එරෙහිව පැවති අවසාන මහා තරගයේ දී සංගක්කාරගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සිව් දෙනෙකුම වෙනස් කිරීම පිළිබඳව ක්‍රීඩා විචාරකයෝ ඒ අවස්ථාවේ විමතිය පළ කළහ.

සිම්බාබ්වේ පිළට එරෙහිව පැවති තරඟය පිටුපසින් පාවාදීමක් තිබුනේද යන ප්‍රශ්නය මතුවෙමින්ති පවතී.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.