ලෝක කුසලාන ගීතය 2015

 

 

[vsw id=”/RAkDUjyTnfc” source=”youtube” width=”325 ” height=”244″ autoplay=”no”]

 

 

 

 

 

sri-lanka-cricket-team-squad

 

 

ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලිය වෙනුවෙන් තිස් දෙනෙකුගෙන් යුත් ශී‍්‍ර ලංකා සංචිතය ඊයේ රාතී‍්‍ර ප‍්‍රකාශයට පත් කෙරුණා. 15 දෙනෙකුගෙන් යුත් අවසන් කණ්ඩායම තෝරා ගැනෙන්නේද මෙම සංචිතයෙන්. ඇන්ජලෝ මැතිව්ස් එහි නායකත්වය දරනවා. මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ ටී.එම්. ඩිල්ෂාන් යන ජ්‍යෙෂ්ඨ පිතිකරුවන්ද ඊට ඇතුළත්.

 

ලහිරු තිරිමාන්න , කුසල් ජනිත්, උපුල් තරංග, සහ දිනේෂ් චන්දිමාල්ද පිතිකරුවන් ලෙස මෙම සංචිතයට ඇතුළත්ව සිටිනවා. දිමුත් කරුණාරත්න, අෂාන් පි‍්‍රයන්ජන්, කිත්රුවන් විතානගේ , රමිත් රඹුක්වැල්ල සහ නිරෝෂන් දික්වැල්ල ඊට ඇතුළත් තවත් කී‍්‍රඩකයන් කිහිපදෙනෙක්. පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් මතභේදයකට ලක්ව සිටි සචිත‍්‍ර සේනානායක මෙම සංචිතයට ඇතුළත්ව සිටිනවා.

sri-lanka-cric

ඉකුත්දා නිමාව දුටු ඉන්දීය තරගාවලියට සහ මේ වන විට පැවැත්වෙන එංගලන්ත තරගාවලියට සහභාගි නොවන ලසිත් මාලිංගද අදාළ සංචිතයට ඇතුළත්.  නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, ධම්මික ප‍්‍රසාද්, ෂමින්ද එරංග, නුවන් ප‍්‍රදීප් සහ ලහිරු ගමගේ යන වේග පන්දු යවන්නන්ද ඊට ඇතුළත්ව සිටිනවා. කලකට පසු ෆර්වීස් මහරුෆ්ද සංචිතයට කැඳවා සිටීම විශේෂත්වයක්.

 

තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස් සහ සීකුගේ ප‍්‍රසන්න යන තුන් ඉරියව් කී‍්‍රඩකයන්ද මෙම සංචිතයට ඇතුළත්. රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා , පී එච්.ඞී. කෞෂාල් සහ ලක්ෂාන් සඳකැන් එහි සෙසු සාමාජිකයන් වනවා.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.