ශ්‍රී ලංකා බැට්මින්ටන් සංගමයට පනවා තිබූ තහනම ඉවත් කරයි

badmintonක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ, ලෝක බැට්මින්ටන් සම්මේලනය ඒ බව නිල වශයෙන් දැනුම් දුන් බවයි. ක්‍රීඩා නීතියට පටහැනිව සහතික කරන ලද විගණන වාර්තා ලබා දීමකින් තොරව, පසුගිය මාර්තු 24 වන දා ශ්‍රී ලංකා බැට්මින්ටන් සංගමයේ නිලවරණය පැවැත් විය.

එය මෙරට ක්‍රීඩා නීතියට පැටහැනිවීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා, බැට්මින්ටන් සංගමයේ ලියාපදිංචිය අත්හිටුවා එය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා යටතට පත්කර නිලවරණය පැවැත්වීමට කටයුතු කළේ ය.

ක්‍රීඩා අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ, තහනම ඉවත් කර ගැනීම සම්බන්ධයෙන්, ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුලු නියෝජිතයින් කිහිප දෙනෙකු සහ ලෝක බැට්මින්ටන් සම්මේලනයේ සභාපතිවරයා අතර පසුගිය දා පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි.

නව නිලවරණය පැවැත්වෙන තුරු ශ්‍රී ලංකා බැට්මින්ටන් සංගමය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට යෝජනා කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.