ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට ICCයෙන් චෝදනා

dinesh chandimalජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති රීති උල්ලංඝනය කළැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක චන්දිමාල්ට චෝදනා කර තිබේ. ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ 2:2:9 යන ක්‍රියා පිලිවෙත ඩිනේෂ් චන්දිමාල් උල්ළංඝනය කර ඇති බවයි.

සෙනසුරාදා සෙන්ට් ලුසියා පිටියේ පැවති ශ්‍රී ලංකා බටහිර ඉන්දියා අතර දෙවන ටෙස්ස් තරඟයේ තුන්වන දිනයේදී පිටියට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වර්ජනය කර තිබේ. ඒ ඊට පෙර දිනයේ එනම් ටෙස්ට් තරඟයේ දෙවන දිනයේදී ශ්‍රී ලංකාව බටහිර ඉන්දියාව අතර පැවති ටෙස්ට් තරඟයේ දෙවන දිනයේදී බෝලය පලදු කිරීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සිදුකරනු ලැබූ චෝදනාව හේතුවෙනි.

මේ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල කිසිදු වැරැද්දක් සිදු කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලය පවසයි. එසේම ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන්පෙනී සිටින බවද ලිපියක් මගින් දැනුම් දී තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.