සිම්බාබ්වේට එරෙහි පළමු ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාව ජය ගනී

cricket-scoreසංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරඟය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා. සිම්බාබ්වේ කණ්ඩායම තරඟයේ කාසිය වාසිය දිනාගත් අතර පළමු ඉනිම සඳහා ලකුණු 356 ක් ඔවුන් රැස් කරනු ලැබුවා. අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 346 ක් රැස් කළේය.

සිම්බාබ්වේ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 377 ක් රැස්කළ අතර ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 388 ක් ජයග්‍රහණය සඳහා රැස්කරගත යුතුව තිබිණ.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 81 ක් රැස්කළ අතර අසේල ගුණරත්න නොදැවී ලකුණු 80 ක් සහ දිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 29 ලබාගැනීමට සමත් විය.  ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 391ක් ලබා තරඟය ජය ගත්තේ කදුළු 4ක් අතැතිවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.