සුසන්තිකා තවත් ආරවුලක – මෙවර ශි‍්‍රයාණි කුලවංශ හා දර්ශා

susanthika-darsha&sriyaniනිරන්තරයෙන්ම ආරවුල් වලට මැදිහත් වන ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මෙවර තවත් ආරවුලකට මැදිහත්ව සිටින්නීය. ඒ ශී‍්‍ර ලංකාවේ ඔලිම්පික් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ එකමුතුවක් පිහිටුවා ගැනීම සම්බන්ධයෙනි. ඇය කියා සිටින්නේ මේ එකමුතුවේ ගමන අඳුරු අපහැදිලි එකක් බැවින් තමන් ඊට එකඟ  නොවන බවයි. මේ එකමුතුවට මුල් වී කි‍්‍රයාකරන්නේ ඔලිම්පික් කී‍්‍රඩාවට සහභාගී වූ ශි‍්‍රයාණි කුලවංශ හා දමයන්ති දර්ශාය. සුසන්තිකා ජයසිංහ කියා සිටින්නේ ඔවුන් දෙදෙනාම සුදුසුකම් නොමැතිව ඔලිම්පික් කී‍්‍රඩා උලෙලට සහභාගී වූ බවයි.

ශී‍්‍ර ලංකාව නිදහස ලැබූ දා පටන් මේ දක්වා රට නියෝජනය කරමින් ඔලිම්පික් තරඟ වලට එක්වූ ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වෙනුවෙන් රන් සම්මාන පිදීමේ උපහාර උත්සවයක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනයන්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති මන්දිරයේදී පැවැත්වුනත් සුසන්තිකා ජයසිංහ එම උත්සවය වර්ජනය කළාය. ඇය කියා සිටින්නේ ඇයට කාගෙන්වත් සම්මාන හෝ ආරාධනා අවශ්‍ය නැති බවයි. මෙම උළෙලේදී ඔලිම්පික් තරඟ නියෝජනය කල ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවේ 41 දෙනෙක් සම්මාන ලැබූහ. සුසන්තිකා ජයසිංහ දිගින් දිගටම කියා සිටින්නේ ඔලිම්පික් සහ මළල කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ තිබෙන ඕනෑම උළෙලකට හෝ අවස්ථාවකට සහභාගීවීමේ හෝ නොවීමේ ඒකාධිකාරී බලයක් තමන් සතු බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.