හෙට තරගයේ දී මැතිවුස්ගේ සංයුතිය…

Mathivs1-1සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය හෙට කොළඹ SSC පිටියේදී ආරම්භ වීමට නියමිතව තිබෙන්නේය. ජයග්‍රාහී පිතිකාර සංයුතිය තබා ගන්නට ඈනජලෝ මැතිවුස් උත්සාහ කර ඇත. අප දකිනා විදිහට මෑත ක්‍රිකට් ඉතිහාසයේ වාසනාවන්තම පුද්ගලයා වූ දිමුත් කරුණාරත්න මේ තරගයේදීත් ක්‍රීඩා කරන්නේය. ඒ ආම්භක පිතිකරුවා ලෙසය. කෞෂාල් සිල්වාත් වාසනාවන්තය. ඔහුටත්  ඔහුගේ ස්ථානය සුරැකිව ඇත්තේය.

හෙට තරගය සදහා සුරංග ලක්මාල් ක්‍රීඩා කරන්නේය. විශ්ව ප්‍රනාන්දුට ස්ථානය අහිමි වන්නේය. 2- 0 ලෙස පෙරමුණේ සිටින ලංකාව ඉතිරි තරගයත් ජයග්‍රහණය කර තරගාවලිය 3-0 සේ නිමා කිරීමේ අභිලාෂයෙන් පසුවන බව මැතිවුස් කියන්නේය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.