අඟුනකොළපැලැස්ස ගිනියම් වෙයි

agunukolapalassaසමෘද්ධි සහනාධාර නොලැබුණු බව කියමින් විශාල ජනකායක් විරෝධය පළකරමින් අඟුනකොළපැලැස්ස නගරයට පැමිණ ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන්නට පටන්ගත්හ. ටයර් පුළුස්සමින් මෙම පිරිස ගමනාගමන කටයුතු සඳහාද දැඩි බාධාවක් එල්ල කළහ. පොලීසිය මේ සඳහා ප්‍රමාණවත් ලෙස මැදිහත් නොවූ බව වාර්තාවේ.

සමෘද්ධිලාභීන් උද්ගෝෂණ වලට යොමු කිරීමෙන් වැලකී සිටීන්නැයි ඇමති එස්. බී දිසානායක අවවාද කොට ඇතත් ඉන් ප්‍රයෝජනයක් වේද යන්න සැක සහිතය. මේ නිලධාරීන් රැසක්ම පත් කොට ඇත්තේ බැසිල් රාජපක්ෂය.

ග්‍රාම නිලධාරී වසම් 51ක සමෘද්ධිලාභීන් 5008ක් සිටින අතර ඉන් සමෘද්ධි සහනාධාරය හිමිව තිබූ 2500කට අධික සමෘද්ධිලාභීන් පිරිසකගේ සමෘද්ධි සහනාධාරය කප්පාදු කොට සමෘද්ධි සහනාධාරය ලබාදීමට නුසුදුසු පුද්ගලයින් හට එම සහනාධාරය ලබා දී ඇතැයි විරෝධතා කරුවෝ චෝදනා කරති.

ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය ඉදිරිපිටින් විරෝධතාවය ආරම්භ වූ අතර පසුව විරෝධතා කරුවන් අඟුණකොළපැලැස්ස නගරයේ, මිද්දෙනිය, හුංගම, තංගල්ල, ඇඹිලිපිටිය නගර වෙත පිවිසෙන මාර්ග අවහිර කරමින් පැය 06කට අධික කාලයක් විරෝධතාවයේ නියැලුනහ.

මේ අතර දිවයිනේ ඇතැම් ස්ථානවල සමෘද්ධි ලාභීන් පවත්වනු ලැබීම සම්බන්ධයෙන් සමාජ සවිබල ගැන්වීම් , සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස් බී දිසානායක පවසන්නේ උද්ඝෝෂණ වලට සම්බන්ධ වී ඇති සමෘද්ධි ලාභීන්ගේ තොරතුරු විකෘති වී ඇත්නම් නිලධාරීන් ඊට වග කිව යුතු බවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.