අසංවේදී මාරුතයට මුහුණ දීමට නොහැකිව දිවි හැර ගිය ආදරණීය සැමියා

suicideරිය අනතුරක් හේතුවෙන් මිය ගිය සිය බිරිඳගේ දේහය ලබා ගැනීමට නොහැකි වීම ඔහුට දර ගත නොහැකි විය. ඊටත් වඩා ඔහුට දරා ගත නොහැකි වුයේ එල්ල වූ චෝදනාවයි.

පොලොන්නරුව අඹේපුර විසු මේ තරුණයාගේ බිරිඳ මිය ගියේ යතුරු පැදි අනතුරකින්. මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන් පසුගිය දිනයේ ඔවුන් සිය ඥාතියෙකුගේ නිවසට යතුරු පැදියකින් ගොස් ඇත. නැවත පැමිණෙන අවස්ථාවේ ඔවුන් ගමන් ගත් යතුරු පැදිය අසල පිහිටි ඇළකට පෙරලී ගොස් ඇති අතර දෙදෙනාම දියේ ගිලී ගිලුනහතිබෙනවා.

එම අවස්ථාවේ එතනට පැමිණි පිරිස දෙදෙනාම බේරා ගැනීමට උත්සහ කළහ. තරුණියගේ දිව බේරා ගැනීමට අපෝහොසත් වී ඇති අතර තරුණයා පමණක් මෙම අනතුරින් දිවි ගලවා ගැනීම සැක සහිත බව තරුණියගේ දෙමාපියන් පොලීසියට පැමිණිලි කළහ. ඥාති නිවසෙකට කිසියම් කාර්යාක් සඳහා දින කිහිපයකට ගොස් ඇති මියගිය තරුණයා එහිදී හඳුනාගත් අසල්වාසි නිවසක තරුණියක් සමග පේ‍්‍රම සම්බන්ධයක් ඇති කර ගෙන තිබේ.මෙම පේ‍්‍රම සම්බන්ධය කන වැකුණු තරුනියගේ දෙමාපියන් ඔවුන්ගේ සම්බන්ධයට දැඩිව විරුද්ධ වී ඇති අතර තරුණිය මේ හේතුවෙන් තරුණයා සමග නිවසින් පැන ගොස් තිබෙනවා.

පසුව තරුණයා හා විවාහ වී අබේපුර ප‍්‍රදේශයේ පිහිටි තරුණයාගේ නිවසේ පදිංචි වී තිබෙනවා.කෙසේ වෙතත් මේ පිළිබඳව දැඩි ලෙස කෝප වූ තරුණියගේ දෙමාපියින් ඇයව යළි නිවසට කැඳවා ගෙන යාමට උත්සහ ගත්තද ඔවුන් ඒ වන විටත් විවාහ වී සිටි නිසාම එම උත්සහය අසාර්ථක වී තිබෙනවා.

පසුව ඔවුන් දෙදෙනාට සිය කුළුදුල් දරුවා ද ලැබෙන අතර අසල් වාසින් පසන ආකාරයට ඔවුන් ඉතාම හොඳ පවුල් ජීවිතයක් ගත කර තිබෙනවා. මේත් සමගම මියගිය සිය බිරිඳගේ දේහය නැවත ලබා ගැනීමට තරුණයා දින කිහිපයක් පුරා උත්සහ ගත්තද ඔහු දේහය ලබා ගැනීමට අපෝහොසත් වී ඇත.

පසුව නිවසට පැමිණ සිය දරුවා බදාගෙන එක දිගටම විලාප දෙමින් ඔහු හඩා ඇති අතර එදින රාත‍්‍රියේ නිවස අසල ගසක ගෙල වැළලාගෙන ඔහු මියගොස් තිබුනි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.