උතුරේ වැසියෝ තැපැල් පෙට්ටි ඉල්ලති

post-boxs

දිනසේන රතුගමගේ

උතුරු ප්‍රදේශයේ මහාමාර්ග නවීකරණය කරණ ලද අවස්ථාවේදී ඉවත් කරණ ලද තැපැල් පෙට්ටි යළි සවිකිරීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීම හේතුවෙන් ජනතාවට ලිපි තැපැල් කිරීම සදහා තැපැල් කාර්යාල සොයා යාමට සිදුව තිබේ.

මහා මාර්ග නවීකරණය කොට දැනට වසර තුනක් පමණ ඉකුත්ව ඇතත් මහාමාර්ග නවීකරණය කරණ ලද අවස්ථාවේදී ගලවා දමන ලද තැපැල් පෙට්ටි මේ වනතුරු යළි සවි කිරීමට තැපැල් බලධාරීන් හෝ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙතෙක් පියවර ගෙන නොමැත.

මීට පෙර උතුරේ බොහෝ ස්ථාන හදුන්වන ලද්දේ තැපැල් පෙට්ටි හන්දි වශයෙන් වුවත් දැන් එම ස්ථාන වල තැපැල් පෙට්ටි නොමැතිකම  නිසා ජනතාවට සිය ලිපි තැපැල් කිරීම පිණිස තැපැල් කාර්යාල වෙතම යාමට සිදුව තිබීම විශාල ගැටළුවක් බව උතුරේ වැසියෝ පවසති.

කළින් සිය ලිපි බාරදීමට ගමට පැමිණෙන තැපැල්කරුව තෝරාගෙන සිටියද දැන් තැපැල් කරුවන් පැමිණෙන්නේ යතුරු පැදිවලින් නිසා ජනතාව ලිපි රැගෙන එන විට තැපැල්කරු සෙවීම අපහසු බවද උතුරේ වැසියෝ පෙන්වා දෙති.

උතුරේ වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය පලාත්වලින් ඉවත් කරණ ලද තැපැල් පෙට්ටි ඉතා ඉක්මනින් යළි සවිකර දෙන ලෙසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.