දේවින්ද කුමරුවනේ මන්ද රැවටුණේ රූප පෙට්ටියට

boyපදවිය ශ්‍රී පුර ජයන්තිවැව ප්‍රදේශයේ විසූ දේවින්ද දරුවා ජීවත්වුණේ රූපවාහිනියෙන් මැවූ සිහින ලෝකය තුළය. කවුරුත් ගෙදර නැති මොහොතක කෝන් ගසක අත්තක ගැටගැසූ ලණුවක එල්ලී පනින්න ගිය මේ දරුවා අවාසනාවන්ත ලෙස දිවියෙන් නික්ම ගොසිනි.

රූප රූපවාහිනියෙන් දුටු දසුනක් මත්ක් කර ගත් දේවින්ද චරිතයක් රඟ පා එහි ආශ්වාදය විඳීමට උත්සාහ කරද්දී ඔහුව වලක්වන්නට කවුරුත් ගෙදර නොවීය. කෝන් ගහේ එල්ලෙන්න ට පෙර මවගේ ඇඳුමකින් සැරසුණේය.අනතුරුව බිමට පැන්නේ ගිය රූප රූපවාහිනී වැඩ වැඩසටහනකින් ලද ආභාෂයෙනි. ශිෂ්‍යත්වයත් සමත් වී සිටි කුඩා දේවින්දගේ අනාගතය අතීතයටම එක්විය .

වැලිඔය හදිසි මා මරණ පරීක්ෂක එන් ඩබ්ලිව් බන්දුසිරි හට කළ හැකිව තිබුණේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙස අධිකරණ වෛද්‍ය වරයාට නියෝග කිරීම් පමණි එහෙත් ගැටලුව එතැනින් නිමා වන්නේ නැත.  කුඩා දරුවන් අන්ධානුකරණයෙන් රූපවාහිනි මාධ්‍ය අනුකරනය කිරීම වළක්වා ගැනීමට කිසිත් නොකරන රටක් හැටියට ශ්‍රී ලංකාව හඳුන්වා දිය හැකියි.

ඒ වැඩ පිළිවෙළ හඳුන්වන්නේ මාධ්‍ය සාක්ෂරතාව නමිනි. මාධ්‍ය පාලනය කරන පිරිස මේ පිළිබඳව කිසිත් නොදැන සිටීම පුදුමයක් නොවේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.