මවකගේ හා පුතෙකුගේ සිරුරු දෙකක් ඕමන්ත ප්‍රදේශයේ ළිඳකින් හමුවේ…………..

omanthaදිනසේන රතුගමගේ
වවුනියාව, ඕමන්ත, පණ්රිකෙයිදකුලම ප‍්‍රදේශයේ ළිඳක තිබි (02දා) දහවල් මවකගේ හා පුතෙකුගේ සිරුරු දෙකක් ගොඩගත් බැව් වවුනියාව ඕමන්ත පොලිසිය පවසයි. ඕමන්ත පොලිසිය පැවසූවේ සදීශ්වරන් සුදාසිනි නමැති 30 හැවිරිදි කාන්තාවකගේ හා සදීශ්වරන් ඩිනෝෂන් නමැති 07 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරු එලෙස ළිඳක තිබි ගොඩගත් බවයි.

අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා කිලිනොච්චිය ප‍්‍රදේශයේ රැකියාවකට ගොස් ඇති අතර, මියගිය කාන්තාව සිය නැන්දණිය හා මාමා සමඟ වාසය කොට ඇති බැව් ප‍්‍රදේශවාසීන් පැවසූහ. උදැසන මියගිය කාන්තාව සිය දරුවා සමඟ රූපවාහිනි නරඹා ඇති අතර නැන්දණිය කිසියම් කටයුත්තක් වෙනුවෙන් නිවසින් පිටත්ව ගොස් ඇති අතර, මාමා ගෙවත්තේ වගා කටයුතු සිදුකරමින් සිට ඇති බැව්ද මූලික omantha-1පරීක්ෂණයන්ගෙන් අනාවරණය වි ඇත.

නැන්දණිය නැවත නිවසට පැමිණ දරුවා සොයා ඇති අතර,එහිදි අදාළ දරුවාගේ හා ලේලියගේ සිරුරු ළිඳ තුළ තිබෙනු දැක ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මෘත ශරීර ගොඩගෙන ඇත. මරණයන්ට හේතුව මෙතෙක් අනාවරණය කොටගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ omantha-2මෙහෙයවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.