හැටන් දිවියා දැඩි ප්‍රහාරයේ

lepardදිවියකුගේ පහරකෑමට ලක්වු වතුකම්කරුවන් පස්දෙනකු දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති බව ගගන වෙබ් අඩවිය වාර්තා කරයි. හැටන් පොලිස් වසමට අයත් පන්මුර් වතුයායේ තේ දළු නෙලමින් සිටි වතුකම්කරුවන් සිව් දෙනකුට සහ වතුකම්කරු කාන්තාවකට 2 අඟහරුවාදා දහවල් මෙලෙස තේ වත්තේ රැදී සිටි දිවියකු පහර දි ඇති බව ගගන හැටන් වාර්තාකරු පවසයි. නිදහසේ සිටි දිවියාට වතුකම්කරුවකු විසින් පහරදීමට උත්සාහ දැරීමෙන් පසු දිවියා පුද්ගලයන්ට පහර දී ඇත.

2015 වසරේ නොවැම්බර් මසදී නුවර එළිය ඩයගම නැගෙනහිර වත්ත, ප්‍රදේශයෙන් අදුන් දිවියකුගේ මළ සිරුරක් වන ජිවි නිලධාරින්ට හමුවී තිබුනි. හැටන් කොටගල තේ වත්තක ලඳු කැලෑවක තුවාල සහිතව මිය ගොස් සිටි දිවියකුගේ සිරුරක් ද 2016 වසරේ හමු විය. දිවියා මේ වන විට වඳ වීමේ තර්ජනයට ලක් වී ඇති සතෙකි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.