පළමු කුඹල් පෙරහැර කස හඬ ඇසේ

kandy esala peraheraමහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද (29) ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රී 6.54 ට දකුණු දිශාභිමුඛව පිටත්ව දළදා වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවදීමට නියමිතය.

මෙවර ඇසළ පෙරහැර නිමිත්තෙන් අදින් අරඹන ප්‍රථම කුඹල් පෙරහැරේ සිට අගෝස්තු 8දා දක්වා පැවැත් වේ. කුඹල් පෙරහැර දින 5 ක් මහනුවර නගරයේ විථි සංචාරය කරයි.
කුඹල් පෙරහැර යන නම ලැබීම පිළිබද විවධ මතවාද පවතී .ඒ අතර මහාචාර්ය සෙනරත් පරණවිතාන යන් පවසන්නේ “කප“ යනුවෙන් සිටුවන්නේ කණුවක් බවත් කණුව යන්න හැදින්වීමට “කුඹ“ යන්න යොදාගන්නා බැවින් එය “කුඹල්“ වන්නට ඇති බවයි.නමුත් මහාචාර්ය ජේ බී දිසානායක මහතා සදහන් කර ඇත්තේ කුඹලකු තුඹස වටේ යන ආකාරයට පැවැත්වෙන ඇතුලත දේවාල පෙරහරින් පසු මෙම පෙරහැර පැවැත්වෙන බැවින් මෙය “කුඹල්“ පෙරහැර වන බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.