රන්දෝලි සිරිසර – පුබුදයි දළදා පුර

randoliහෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය වන මහනුවර ඇසල පෙරහැර කප් සිටුවීමෙන් අනතුරුව ආරම්භ වූහෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය වන මහනුවර ඇසල පෙරහැර කප් සිටුවීමෙන් අනතුරුව ආරම්භ වූරන්දෝලි පෙරහැර නැරඹීම සඳහා  දැවැන්ත ජනකායක්  මහනුවර නගරය කරා ආදී එමින් සිටිති.

රන්දෝලි පෙරහැර අද සිට පුරා දින පහක් වීදි සංචාරය කරන අතර අගෝස්තු මස 07 වන දින අවසන් මහ පෙරහැරින් පසුව දිය කැපුම් පෙරහැර 08 වන දින අලුයම ගැටඹේ දිය කපනා ගං තොට කරා ගමන් කිරීමට නියමිතය.  දිය කැපීමෙන් පසු පෙරහැර කරඩුව මහනුවර අස්ගිරිය ගෙඩිගේ පුරාණ විහාරයේ තැම්පත් කරයි. අනතුරුව අගෝස්තු 08 වන දින දහවල් පෙරහැර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව මෙවර වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍ය නිමාවට පත්වේ. පෙරහැර සාර්ථකව නිමාවට පත් කළ බව සඳහන් පෙරහැර සන්දේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් මහනුවර ජනාධිපති මන්දිරයේදී  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමෙන් අනතුරව පෙරහැර මංගල්‍ය නිල වශයෙන් නිමාවට පත්වේ

පළමු රන්දෝලි පෙරහැර -2017 අගෝස්තු මස 03 දින                                                                                                                                                              දෙවන රන්දෝලි පෙරහැර -2017 අගෝස්තු මස 04 වන දින                                                                                                                                                    තෙවන රන්දෝලි පෙරහැර -2017 අගෝස්තු මස 05 වන දින                                                                                                                                                   සිව්වන රන්දෝලි පෙරහැර -2017 අගෝස්තු මස 06 වන දින                                                                                                                                                             පස්වන රන්දෝලි පෙරහැර -2017 අගෝස්තු මස 07 වන දින                                                                                                                                                       දවල් පෙරහැර – 2017 අගෝස්තු මස 08 වන දින

දළදා පෙරහැරට දේවල පෙරහැර එක කර ගැනෙන්නේ ඇයි?

නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සව්මහා දේවාලයන්හි පෙරහැර අනුපිළිවෙලට ගමන් කෙරෙනු ඇත.1753 වර්ෂයෙන් පසු කිර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රී දළදා මාලිගාව පෙරටුකොට මෙම දේවාල හතර නාථ විෂ්ණු කතරගම පත්තිනි යන අනු පිළිවෙලට පෙරහැරේ ගමන් කරනු දක්නට ලැබේ. ශ්‍රී නාථ දේවාලය ඇසළ පෙරහැර මංගල්ලයේ පෙළගැස්ම අනුව ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැරට පසුපසින් ගමන් කෙරෙන පළමු දේවාල පෙරහැර නාථ දේවාලයේ පෙරහැරයි. නාථ දේවාලය කැපවී ඇත්තේ මතු බුදුවන නාථ දෙවියන් වෙනුවෙනි. ගම්පල රාජධානිය කොට ගත් තුන්වන වික්‍රමබාහු රජු (ක්‍රි.ව 1360-1375) නව රාජධානියක් පිහිටුවීම සඳහා රාජපුරුෂයන් මගින් ජය භූමියක් සෙවීය. ඒ අනුව සෙංකණ්ඩ නම් බමුණා රාජපුරුෂයන්ගේ ඉල්ලීම අනුව තමා සිටි ලෙන අසලින් ගල්කැට කිපයක් රැුගෙන ඉන් එක් ගල් කැටක් අසල තිබු පදුරකට වීසි කළ විට ඉන් සුදු හාවෙකු මතු විය. තවත් ගල් කැටයක් වීසි කළ විට සිවෙලෙකු මතු වු අතර, එම සිවලා විසින් හාවා ලූහුබදිනු ලැබීය.

හාවා තමා සැගවී සිටි පදුර අසල ගස්බිලය දක්වා දුවවිත් ආපසු හැරී සිවලා පසුපස ලූහු බැන්දේය යන සිද්ධියක් දල කොටියකු විසින් ලූහුබදිනු ලැබු මුවෙක් මෙම භූමියට පැමිණ ආපසු හැරී කොටියා පසුපස ලූහුබදින ලද සිද්ධියක් ද, යන ආශ්චර්යවත් දේ අනුව මෙය ජයභූමියක් වශයෙන් සෙංඛණ්ඩ නම් බමුණා වෙතින් දැන රජතුමාට දැන්වීමෙන් පසු තුන්වන වික්‍රමබාහු රජතුමා විසින් මෙම ස්ථානයෙහි සෙංකඩගලපුරය හා නාථ දේවාලය ගොඩ නැන්වු බව කියවේ.

හෙට දළදා පෙරහැර පුරණයෙන් තවත් බිඳක් …….

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.