ආදිවාසින්ගේ වගකීම අමාත්‍යංශයකට?

adiwaseenමේ වන විට පිහිටවා ඇති අමාත්‍යංශ ගණන වැඩි බව බොහෝ දෙනා කල්පනා කළත් ආදි වාසි නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ එසේ සිතන්නේ නැත. ඔහුට අළුත් අමාත්‍යංශයක් අවශ්‍ය වී තිබේ.

“ජාතික භාෂා අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා ආදිවාසි භාෂාවත් ආරක්ෂා කරන්න. අද මේ රටේ විවිධ අමාත්‍යාංශ තිබුණත් ආදිවාසීන්ගේ වගකීම් බාරගන්න අමාත්‍යාංශයක් නැහැ .අපි ගැන කතා කරන්නේ අපි විතරයි .“

මේ ආකාරයට මැසිවිලි නගන ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පවසන්නේ තමන් පවතින ක්‍රමයට ඉතා ලැදිව කටයුතු කරන බවයි. ශ්‍රී ලංකාවේ ආදිවාසින් වෙන රටවල ආදිවාසින් මෙන් ජාත්‍යන්තර සංවිධාන හරහා රජයන් අපහසුතාවට පත් කිරිමට කටයුතු නොකරන බව යි ඔහු පවසන්නේ. මහියංගනය දඹාන මොරබැද්දේදි පැවැති ආදිවාසි දින සැමරුම් උත්සවය අමතා ආදි වාසි නායකයා කළ මේ කථාවෙන් පෙනී යන්නේ ආදිවාසි චින්තනය දැන් ගෝලීයකරණය වී ඇති බවයි.

මේ මොහොතේ ඕස්ට්‍රේලියානු ආදී වාසී ජනතාව සදහා ව්‍යවස්ථාමය පිළිගැනීමක් ලබා දීම පිලිබදව තම හඬ නැවතත් අවධි කරන ඕස්ට්‍රේලියානු ආදිවාසී ජනමත විමසුම් කවුන්සිලය පවසන්නේ, ඒ සදහා සම්මුතියක් ඇති කිරීම සහ පාර්ලිමේන්තුව තුල හඬක් නැගීමට අවස්ථාව ලබාදීමද වැදගත් බවයි.

ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ ගේ ප්‍රවේශය වෙනස්ය.

“අපි මීට පෙර යොජනාවක් ගෙනාවා ආදී වාසින්ගේ වගකීම බාරගන්න මොකක් හරි අමාත්‍යාංශයක් තියෙන්න ඕන කියලා .හැබැයි එවෙලේ මිනිස්සු සිතුවේ අපි පාර්ලිමේන්තුවට යන්න යනවා කියලා .නැහැ නැහැ අපට පාර්ලිමේන්තුවට යන්න ඕන නැහැ හැබැයි මේ වගකීම ගන්න කවුරු හරි ඉන්න ඕන.“

එහෙත් ඔවුන් නොතකා හැරීම සාධාරණ නොවේ. ආදිවාසී දරුවන් සංස්කෘතික අතරමංවීමක සිටින බව තේරුම් ගත යුතුය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.