උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් පන්සල් රැසකට හානි

umaඋමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් ඇතුළු බෞදධ සිද්ධස්‌ථාන 22 කට හා මුස්‌ලිම් දේවස්‌ථානයකට හානි සිදුවී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‌ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

විශේෂයෙන් උමාඔය ව්‍යාපෘතිය නිසා දෝව විහාරස්‌ථානයේ වලගම්බා රජ සමයේ සිට ජලය පිරී තිබූ ළිඳ සිඳී ගොස්‌ ඇති බවත් බදුලු ඔයට ජලය සපයන ප්‍රධාන ජල බුබුල සිඳීයාම සහ දෝව විහාරස්‌ථානයේ පිළිමවහන්සේ පුපුරා ගොස්‌ ඇති බවත් ඒ මහතා කීය.

හානියට පත්වූ විහාරස්ථාන ලෙස තහවුරු කරගෙන තිබෙන විහාර අතර වටගමුව විමලගිරි විහාරය, එගොඩගම සුමනාශ්‍රමය, කුරුඳුගොල්ල විදර්ශනාරාමය, මකුල්ඇල්ල පුරාණ විහාරය, හීල්ඔය පුරාණ විහාරය, කිරිඔරුව ආනන්දාරාමය, බණ්‌ඩාරවෙල පිරිවෙන, බදුණුවැව පන්සල, පල්ලතොට ඇල්ල පන්සල, අම්පිටිය භික්‌ෂු ආරාමය, දික්‌කාපිටිය මැද පන්සල, දික්‌කාපිටිය පිරිවෙන, කුරුකුදේ පන්සල, දිගනතැන්න පන්සල, බණ්‌ඩාරවෙල සුදර්ශනාරාමය යන විහාර වේ.

බලපෑමට ලක්‌වී ඇති අස්‌ගිරි මහ විහාරයට අයත් විහාරස්‌ථාන අතර ඇත්තලපිටිය ඛෙත්තාරාමය, අමුණුදෝව රත්නායක මුදලින්දාරාමය, උළුගල රජ මහා විහාරය, දෝව පන්සල, බණ්‌ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමය ද වේ. අනෙකුත් විහාරස්‌ථාන සියල්ලම පාහේ උඩරට අමරපුර නිකායට අයත් බවද ඒ මහතා කියයි. හානියට පත්වූ මුස්‌ලිම් දේවස්‌ථානය වන්නේ පල්ලපේරුව දේවස්‌ථානය බවද ඒ මහතා පවසයි. මේ සම්බන්ධයෙන් ත්‍රෙනිකායික මහා නාහිමිවරුන් ඇතුළු වගකිවයුතු අංශ වෙත දැනුම් දුන් බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.

උමාඔය පරිසර වාර්තාව සම්පාදනයේදී සර් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුර විද්‍යා අංශයේ මහාචාර්යවරයෙක්ද එක්විය

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.