නිර්භය මහේස්ත්‍රාත්වරුද සිටිති – රංග එවැන්නකි

Lowමහේස්ත්‍රාත් රංග දිසානායක දැන් සාක්ෂිකරුවෙක් වී සිටී. ඒ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු විභාගවෙමින් පැවතියදී අධිකරණ ශාලාව තුළ ශබ්ද නගා කතා කරමින් කළහකාරී ලෙස හැසිරීමෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කෙරෙන නඩු විභගයකදීය.

එහෙත් ඊට වැඩි යමක් සිදුවෙන බවක් පෙනෙන්නට තිබේ.නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් කැපවුන ,කොන්ද මනා ඇති තරුණ අධිකරණ නිලධාරීන් ඇති බව හෙළිදරව් වේ තිබේ. රංග දිසානායක යනු මීට පෙරත් යුක්තිය සහ සාධාරණත්වය පැත්තේ නිර්භයව හිටගත් මහේස්ත්‍රාත් වරයෙකි.

එල්ල වූ තර්ජන නොතකා අගවිනිසුරුශිරාණි බණ්ඩාරනායක තනතුරෙන් නෙරපා හැරීමේ කුමන්ත්‍රණය පරාජය කිරීමට පෙරමුණ ගත්තේය.
ඔහුව පුත්තලමට මාරු කරන ලදී. ආනමඩුවේ ගුරුවරියක් දන ගැස්වූ දේශපාලකයෙක් උසාවිය හමුවට පැමිණ වූ විට අපක්ෂපාතිව ක්‍රියාත්මක වීම
යනු කුමක්දැයි ක්‍රියාවෙන් සනාථ කළේය. දැන් තවමත් නඩුව විභාග වෙමින් පවතින හෙයින් විත්තිකාර ස්වාමීන්වහන්සේ පිළිබඳව වැඩි යමක් නොකියමු.

මහේස්ත්‍රාත් රංග දිසානායකට සවන් දෙමු.
ප්‍රගීත් එක්නැලිගොඩ නමැති මාධ්‍යවේදියකු පැහැරගෙන යාම සම්බන්ධ නඩු විභාගය පැවැති දින බලහත්කාරයෙන් අධිකරණයට පැමිණ බලහත්කාරයෙන් ප්‍රකාශයක් කර විත්තිකාර ස්වාමීන්වහන්සේ පිටව ගියා. අධිකරණ ශාලාවට ඔහුට එන්න හෝ යන්න මා කීවේ නැහැ. මහේස්ත්‍රාත්වරයකු ලෙස මගේ සේවා කාලය තුළ මා දුටු අධිකරණයට අපහාස කිරීමේ බරපතළම සිද්ධිය මෙයයි. මේ සිද්ධිය සම්බන්ධ මා නීතිමය පියවර ගන්නවා. විත්තිකාර ස්වාමීන්වහන්සේ අධිකරණයට අපහාස කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවය අධිකරණ නිලධාරියකු ලෙස ඇතිවූයේ මටයි“ අධිකරණයට එලෙස පැමිණ එලෙස කතා කිරීමට මෙම ස්වාමීන්වහන්සේට කිසිදු හැකියාවක් හෝ අයිතියක් නැහැ. එසේම එම ස්වාමීන් වහන්සේ රජයේ නීතිඥවරයාට තර්ජනාත්මකව කතා කළා. එය මා ඉදිරිපිට කළ වරදක්. එබැවින් අවශ්‍ය පියවර ගැනීම සඳහා එය මා අභියාචනාධිකරණය වෙත යොමු කළා“ යැයි හෙතෙම තවදුරටත් ප්‍රකාශ කළේය.

එම නඩු විභාගයෙහි දෙවැනි දිනට සාක්කි දීම සඳහා සාක්කිකාර මහේස්ත්‍රාත්වරයා පැමිණ සිටි අතර විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේ කීය.

“විත්තිකාර ස්වාමීන් වහන්සේ අධිකරණයෙහි කළහකාරී ලෙස හැසිරුනු දිනයේ දීම උන් වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස මා හෝමාගම පොලිසියට පසුව නියෝග කළා. ඒ අනුව පසුදින උන්වහන්සේව අධිකරණයට ඉදිරිපත් කළා. එදින කළ ඇප ඉල්ලීම අනුව විත්තිකාර හිමියන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළා.

ජ.නී. මනෝහාරද සිල්වා මහතා: “රට වෙනුවෙන් බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන හිරේ දැමීම ගැන රටේ ආන්දෝලනයක් පැවැති බව ඔබ පිළිගන්නවාද?“

එල්.ටී.බී. දෙහිදෙනිය මහතා : “එම ප්‍රශ්නය වැරදියි. රණවිරුවන් හිරේ දැම්මා යන්න වැරදියි.“

ජ.නී. මනෝහාරද සිල්වා මහතා : “එම ප්‍රශ්නය මා ඉවත් කර ගන්නවා.“

“2016 ජනවාරි මස 01 වැනිදා මා හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස වැඩ බාර ගත්තා. 2016 ජනවාරි මස 25 වැනිදා එක්නැලිගොඩ නඩුව කැඳවූයේ දෙවන වරටයි. මේ නඩුව සම්බන්ධ විශාල අවධානයක් තිබෙන බව ජනමාධ්‍ය හරහා ඒ සඳහා ලබා දී තිබූ ප්‍රතිචාර මගින් මා දුටුවා. ඒ හැර මේ නඩුවගැන ජනතා අවධානය ඇති බවට විශේෂ වැටහීමක් මට තිබුණේ නැහැ.මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ස්වාමීන් වහ්නසේලා 10ක් හෝ 15ක් අධිකරණ ශාලාවේ අසුන්ගෙන සිටියා. එහෙත් ස්වාමීන්වහන්සේලා විත්තිකරුවන් හෝ සැකකරුවන් වන කිසිදු නඩුවක් එදින තිබුණේ නැහැ.“

“එම නඩුව අවසානවනවාත් සමඟම විත්තිකාර ස්වාමීන්වහන්සේ ‘ස්වාමීනී‘ ලෙස ආමන්ත්‍රණය කරමින් කතා කරන්න පටන් ගත්තා. මේ ස්වාමීන් වහන්සේලා ගැන කිසිදු අසත්භාවයක් මට නැහැ. එම නඩුව අවසන් වන තෙක්ම ස්වාමීන්වහන්සේලා නඩු විභාගයට බාධා කළේ නැහැ. විත්තිකාර ස්වාමීන්වහන්සේ නැගිට ප්‍රකාශය කිරීමට පටන් ගත් විට මේ නඩුවට බාධා නොකරන ලෙස මා උන්වහන්සේගෙන් ඉල්ලා සිටියා. ඒ හැර නඩුව ගැන මා උන්වහන්සේට පැහැදිලි කිරීමක් කළා. එවැන්නක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ස්වාමීන්වහන්සේ කතා කරමින් සිටින අතරේ දිලීප පීරිස් මහතා අධිකරණයට පැමිණියා. ඒ ඇයි දැයි මා දන්නේ නැහැ.

ස්වාමීන්වහන්සේ එම ප්‍රකාශය කළ අවස්ථාවේදීම උන්වහන්සේව අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබුණා. එකවරම මා කළ යුතු දේ කුමක්දැයි මට තේරුණේ නැහැ. ස්වාමීන් වහන්සේලා හැසිරුනු ආකාරය අනුව ඔවුන් සංවිධානාත්මකව පැමිණි බව මට හැඟී ගියා. ඒ වන විට අධිකරණයේ පැවැති තත්ත්වය මත උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට නියෝග කළ හොත් විශාල සිදුවීමක් වියහැකි බව මට හැඟී ගියා. එවැනි අත්අඩංගුවට ගැනීමක් කිරීමට කිසිදු බාධාවක් තිබුණේ නැහැ. එම ස්වාමීන් වහන්සේ දිගින් දිගටම රැඳී සිටියානම් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීමට ඉඩ තිබුණා.

එම අවස්ථාවේදී උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නොකළේ උන්වහන්සේ කළ ක්‍රියාව සුළු නිසා නොවෙයි. මගේ සේවා කාලය තුළ අධිකරණයට අපහාස කිරීමේ බරපතළම සිද්ධිය මෙයයි. කිසිවකු පැමිණිලි නොකළත් ඒ සම්බන්ධයෙන් මා පියවර ගන්නවා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.