පොලිස්පති පුජිතට තවත් චෝදනා – මෙවර මෙන්ම එවර

පොලිස්පති පූජිත ජයසුන්දර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුව සිටි අවධියේ දී ද පහල පොලිස් නිලධාරීන් දන ගස්වා තැබීම පිළිබඳව වාර්තා වේ. පූජිත ජයසුන්දර විසින් 2013 සැප්තැම්බර් මාසයේ දී කාත්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපතිවරයාද ඇතුළුව පොලිසියේ 70 ක පමණ පිරිසක් පැයකට අධික කාලයක් මහපාර අයිනේ ප්‍රසිද්ධියේ දණගස්වා තබා ඇති බව වෙබ් මාධ්‍ය ඔස්සේ වාර්තාවේ.

එවක පොලිස්පති ඉලංගකෝන් මහතා පොලිස්පතිවරයා යටතේ පවතින විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් යවා මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වූ අතර එහිදී පූජිත ජයසුන්දර වැරදි කරුවා යයි වාර්තාවක් පොලිස්පතිවරයාට ලබා දී තිබිණ. ඉලංගකෝන් මහතා පූජිත සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නැයි එවක තිබූ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ද ලිඛිතව දන්වා ඇත. කෙසේ වෙතත් මෙවර මෙන් එවරත් කිසිත් සිදුවී නැත.

ආසියානු මානව හිමිකම් සංවිධනය පෙන්වා දෙන පරිදි වදහිංසාව අපරාධයක් යනුවෙන් ලංකාවේ නීති පොතට ඇතුලු වූයේ 1994 දීය. එසේ ඇතුලු වූයේ 1994 අංක 22 දරන වදහිංසාව හා කෘෘර අමානුෂික අවමන් සහගත සැලකීම් වැළැක්වීමේ සම්මුති පනත නැමති නීතිය යටතේය. මේ අනුව වදහිංසාවට නියමකර ඇති දඬුවම අවුරුදු 7 ක සිරදඬුවමක් හා රුපියල් 10000 කට නොවැඩි දඩයකි. මේ පනත යටතේ අපරාධකරුවන් බවට අධිකරණ මගින් නියම වී දඬුවමට භාජනය වූ පොලිස් නිලධාරීන් ගණනාවක්ම සිටී. තවත් නිළධාරීන්ට විරුද්ධව එම පනත යටතේම පවත්වාගෙන යන නඩු ගණනාවක් ද වේ.

මේ අනුව සමහර නිළධාරීන්ට එකම චෝදනාවක් යටතේ සිරගතවීමටත් අනිත් අතට පොලිස් සේවය භාරව සිටින ඉහළම නිළධාරීයාට මෙම අපරාධ චෝදනාව යටතේ පරීක‍ෂණයකටවත් භාජනය නොවී සිටීමටත් හැකියාව තිබීම සකළ නීති පද්ධතිය සම්බන්ධයෙන්ම දෙබඩි ප්‍රතිපත්තියක් අනුගමන කිරීමක් යැයි ආසියානු මානව හිමිකම් සංවිධනය පෙන්වා දෙයි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!