බඹර කලාපේ රන්ජන් ගේ සැරිසර

ranjan-ramanayakeරන්ජන් රාමනායකට පුවත් මැවීමට වේලාවක් කලාවක් නැත. වයසක ගෑණු සතුටු කරන පිරිමි ගණිකාවන් කිහිප දෙනෙකු මේ වන විට දේශපාලනයේ නිරත වන බව ,ජාතික නිදහස් පෙරමුණේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ කියා සිටියේය. රන්ජන් රාමනායක දැන් කියා සිටින්නේ තමන් මුදලට වියපත් කාන්තාවන් සතුටු කරන බවයි..
චිත්‍රපටි ප්‍රදර්ශණ ශාලා කීපයක් හිමි කොතෙක් වයසට ගීයත් වයස නොපෙනුන ස්වර්ණ වත් කාන්තාවක් රන්ජන් ගේ පහස ලබමින් ඔහුට අනුග්‍රාහ දක්වන බව කලකට පෙර කනින් කොනින් ඇසුණු කථා රන්ජන් විසින්ම සනාථ කොට ඇති බව පෙනේ.

සමහර කාන්තාවෝ ඔබේ ඇසුර පතා මුදල් පවා වීසි කළා නේද ?-ප්‍රශ්නයක්

“තියෙනවා” යැයි රංජන් පවසයි.

වැඩේ එළියට පනින්නේ මීළඟ ප්‍රශ්නයත් සමගිනි.

ඔබ මේ හන්දා පිරිමි ගණිකාවක් ලෙස සමහරු හැදින්වුවා නේද?

“ඔව් එහෙම කියනවා. මට පාර්ලිමේන්තුවේත් එහෙම කිව්වා .පෙම්වතුන් නැති අය සතුටු කරන්නෙක්. පිරිමි ගණිකාවක් කිව්වා .දික්කසාද වූ අය , විවාහ වල සතුට නැති අය සතුටු කරන්නෙක් කිව්වා. විවිධ චෝදනා එල්ල වුනා.මම තනිකඩයෙක් හින්දා මට එහෙම වෙලත් තියෙනවා. සමහර යාළුවන් අමරුවේ වැටුණු වෙලාවේ ඔවුන්ට උදව් කරන්න ධනවත් කාන්තාවන් ඇසුරු කර ඔවුන්ට මුදල් ලබා දීලා තියෙනවා. මම මේ තිත්ත ඇත්ත තමයි කියන්නේ” යැයි රන්ජන් පවසයි.

රංජන් ට දැන් වයස පනස් හතරකි. මේ වියපත් බඹරා ඉඳ හිට අමාරුවේ වැටෙන අවස්ථා නැත්තේද නොවේ. නුවර පළාතේ ගුරු ඇන්ටි කෙනෙක් නඩු පැවරුවේ මුදල් ඉල්ලා ගෙන විවාහ පොරොන්දුවක් කඩා කිරීමේ චෝදනාවක් නගමිනි. හිරේ වලංගුවේ නොවැටී රංජන් බේරුනේ ඇයට වෙනත් නඩුවක් පැටලුන හෙයිනි. ඇය බොරු උප්පැන්නයක් ඉදිරිපත් කර තිබින

රංජන් මේ මොකද කරන්නේ?ranjan

රංජන් තමන් ලිංගික අසහනයෙන් පෙලෙන කතුන් වෙනුවෙන් මේ කරන සේවාවන් ගැන ප්‍රසිද්ධියේ දොඩන්නේ ඇයි. තමන්ගේ සේවාව සෙස්සියන්ට ලබා ගත හැකි බව කියා සිටීමටද?

නැත.
රන්ජන්ට ඉල්ලුමට වඩා සැපයුම තිබෙන බව දනිමු. ඔහු මේ ගසන්නේ තවත් දේශපාලන බල්ටියකි. රන්ජන් ගේ හැම වචන දහයකටම කියැවෙන්නේ ‘තිත්ත ඇත්ත’ යන්නයි.
ඒ ඔහුගේ දේශපාලනයේ බ්‍රෑන්ඩ් එකයි.සන්නාමයයි.

තමන් පිළිබඳව කීමට ඇති ඇත්ත තිත්ත වුනත් තමන් නැත්ත නොකියන බව කියා පෑමට ඔහුට අවශ්‍ය වී තිබේ. එය සන්නාමයට අගය එකතු කිරීමකි. විපත් බඹරාණෙනි තටු නොසිඳ ගෙන සැරිසරන්න දිගු කල් බඹර කලාපයේ!

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.