බොදු බලේ ජිවිතේට හානි කළොත් වගකීම ආණ්ඩුවේ

watareka-theroබොදු බල සේනා සංවිධානයෙන් තමන්ගේ ජීවිතයට තර්ජන ඇති බවට අනතුරු අඟවන හිමි නමක් ඒ පිළිබඳව ජනාධිපතිවරයාට කළ දැනුම් දීමද පලක් නොවු බවට චෝදනා කරයි.

ජනාධිපතිවරයා තම දුක් ගැනවිල්ලට සවන් නොදුන් නිසා තමන් පසුගිය දිනක ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කළ බැව් පවසන ජාතික බලසේනාවේ නායක වටරැක විජිත හිමියන් බොදු බල සේනානායක ගලගොඩ අත්තේ ඥානසාර සහ මාගල්කන්දේ සුදත්ත භික්ෂුන් එම ස්ථානයටද පැමිණ තර්ජන කළ බව පවසයි.

බොදු බල සේනා සංවිධානයෙන් තමන් හට එල්ල වී ඇති ජිවිත තර්ජන පිළිබඳව ජනාපති මෛත්‍රීපාල සිරිසේන දැනුවත් කළද ඒ සම්බන්ධව තමන්ට කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුන බැවින් අගෝස්තු 1 වැනිදා උපවාසයක් ආරම්භ කළ තමන් එහිදී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන සිරගත කළ බවට වටරැක විජිත හිමියෝ චෝදනා කරති.

උපවාසයේ යෙදීමෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයන්ගේ රාජකාරියට බාධා වන අයුරින් ද මහජනයාට පීඩා වන අයුරින් ද හැසිරුනු බවට චෝදනා නගා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එහිමියන් 11 සිකුරාදා ඇප මත නිදහස් කෙරුනි.

තමන්ගේ ජිවිතය ආරක්ෂා කරන දෙන ලෙස නිදහස් වී පැමිණීමෙන් පසු ඉල්ලා සිටි වටරැක විජිත හිමියෝ යම් හෙයකින් තම ජිවිතයට හානියක් වුවහොත් එහි වගකීම රජය බාර ගත යුතු බවද අවධාරණය කළහ.

පීඩකයා වෙනුවට පීඩිතයා හිරේ

ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩ කටයුතු වලට බාධා වූ බව පවසමින් අත් අඩංගුවට ගන්නා ලද වටරැක විජිත හිමි ජනාධිපතිවරයා හමුවීමේ අරමුණින් එම කාර්යාලයට යාම උන්වහන්සේගේ අයිතියක් බවයි එහිමියන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ සේනක පෙරේරා පෙන්වා දෙන්නේ.

පොලිසිය විසින් වටරැක විජිත හිමියන් හට අසත්‍ය චෝදනා කර ඇති බව පවසන නීතිඥවරයා එහිමියන්ට ඇති ජිවිත අවදානම පිලිබඳව පොලිසියට කරන ලද පැමිණිලි වලට නිසි පිළිතුරු නොලද හේතුවෙන් තම දුක් ගැනවිල්ල ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරිමට මෙසේ උත්සාහ දැරු බව කියා සිටී.

පිඩිතයා සිරකර පිඩකයා නිදහස් කරන ප්‍රතිපත්තියක් මේ රටේ ක්‍රියාත්මක වන බවටයි නිතිඥ සේනක පෙරේරා චෝදනා කරන්නේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.