රවී ගේ අස්වීම සංවාද අවකාශය පුළුල්වීමකි – චරිත හේරත්

Ravi Karunanayakeජනමාධ්‍ය අමත්‍යංශයේ හිටපු ලේකම් චරිත හේරත් ඉල්ලා අස් වූ රවී කරුණානායක ට අපුරු උපදෙසක් දෙයි. ඒ ආපසු ඇමතිකම ලබා ගැනීම සඳහාය.

“රවි කරුණානායක මහත්තයට තියෙන්නේ මේ භාෂා ක‍්‍රීඩාව වෙනත් කෙනෙකුට කැරකෙන කල් කට වහගෙන් ඉන්නයි. මාරපන මහත්තය කළා වගේ එහෙම හිටියොත් ඊලග සිංහල අවුරුදු කාලෙට වගේ ආයෙත් මුදල් ඇමතිකමම ගන්න පුලූවන් වෙයි කියලයි මම හිතන්නේ”

මොකද්ද මේ භාෂා ක්‍රීඩාව?
චරිත මේ ක්‍රීඩාවේ ප්‍රවීනයෙකි. රාජපක්‍ෂ රෙජීමයේ ජනමාධ්‍ය ලේකම් හැටියට ඔහු මේ ක්‍රීඩාවේ නොයෙදුනා  විය නොහැක. දැන් සවන් දෙමු විද්වත් චරිත හේරත්ට,

“දැන් මේ කාර්තුවේ අපේ රටේ දේශපාලනය කියල කියන්නේ මාධ්‍ය අවකාශයේ තියෙන භාෂා කි‍්‍රඩාවක් (language game) කියල හදුන්වන්න පුලුවන්. මම මේ කාරණයට කියන්නේ අලංකාරික දේශපාලනය (rhetoric-politics) කියලයි. දැන් මේ රටේ දේශපාලනය තියෙන්නේ ඒ හයිපර් රියලිටි එකක් ඇතුළේ. ඒක ඇතුළේ හදන දේවල් තමයි හුගක් වැඩියෙන් ඒකේ ඇතුළේ තියෙන්නේ. දැන් ‘සටන’ ‘වාදපිටිය’ ‘360’ ‘බලය’වගේ මාධ්‍ය මාලා-නාටක තමයි හුගක් දුරට මේ අලූත් දේශපාලන භාෂා ක‍්‍රීඩාවේ මූලික වැඩ ටික තොග ගානට හදන්නේ. සමාජ මාධ්‍ය (Social Media) වගේ අවකාශ කරන්නේ මේවා සිල්ලර බෙදල දෙන එකයි.”

මේ අනුව රවී කරුණානායක සිදු  කොට ඇත්තේ ‘භාෂා ගේමකි’  ඔහු නිහඬව සිටියොත් යළිත්  මුදල් ඇමති විය හැකිය. ප්‍රශ්නය වන්නේ රාජපක්ෂ වෙනුවෙන් දර දිය ඇද්ද චරිත හේරත් හට මේ  තර්කය තමන්ගේ බොස්ලා වන රාජපක්ෂලාට ආදේශ කළ නොහැක්කේ මන්ද  යන්නයි.

ඒ අනුව රාජපක්ෂ  හන්දි බෝක්කු සහ පංසල් ගානේ බඩ ගාන්නේ නැතුව සිටිය හොත් ඔහුට කුරුණෑගල දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු තනතුරෙන් අගමැතිකමට උසස්වීමක් ලබාගත හැකිය. එවිට චරිතට පසුගිය අවස්ථාවේදී බොඳවූ  ජාතික ලැයිස්තු  සිහිනය සැබෑ කරගත හැකිය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.