රවී නික්ම යයි – එහෙත්?

ravi-karunanayakeදුෂණ චෝදනා එල්ල වූ රවී කරුණානායක ඇමතිවරයා තමන්ගේ බඩු බාහිරාදිය අස් කරමින් පවසා ඇත්තේ තමන් ගේ නික්ම යෑම තාවකාලික එකක් බවයි. ඔහු ඉතා ශක්තිමත්ව පක්ෂය ඇතුලේ සටන් කිරීම සඳහා පසු පෙළ මන්ත්‍රීවරුන් ගේ සහය ලබා ගනු ඇත.

මේ අතර වාරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී රාජපක්ෂවරුන්ට එරෙහිව මේ වන විට විමර්ශන හමාර කොට ඇති චෝදනා සම්බන්ධයෙන් වහාම නඩු ගොනු කළ යුතු බවට ඉල්ලීමක් කොට ඇත. නඩු ඉක්මන් කිරීම පිළිබඳව නීතිපතිවරයා ගේ අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කළ මන්ත්‍රීවරු පිරිස අධිකරණ ඇමති ගේ ක්‍රියා කළාපය විවේචනය කොට ඇත.

රවී කරුණානායක ඇමතිවරයා ගේ දෝෂ දර්ශනයට ලක් වූ මලික් සමරවික්‍රමත් රාජපක්ෂවරුන්ට එරෙහිව ඉක්මනින් පියවර ගැනීම දුරදර්ශී ක්‍රියාවක් සේ නොදකින බව ඇතුලත ආරංචි මාර්ග වලින් දැන් ගන්නට තීබේ.

ජනාධිපතිවරයාට එරෙහිව දුෂණ චෝදනා

අනෙක් අතට ජනාධිපතිවරයාට එරෙහිව දුෂණ චෝදනා එල්ල වෙමින් පවතී. මේ චෝදනා ඉදිරිපත් කරන්නේ ‘දූෂණ විරෝධී ප්‍රජාතන්ත්‍රවාදියෝ‘ නම් සංවිධානයකි. එහි ඇත්ත නැත්ත සනාථ කරගත නොහැකි නමුත් සුළඟ හමන දිශාව පැහැදිලිය.

මහජනයා සතු විද්‍යුත් සංඛ්‍යාත 8 ක් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මහාරාජා ආයතනයට ජනාධිපතිවරයා විසින් ලබා දීමෙන් රජයට ඍජුවම රුපියල් බිලියන 3 කට අධික පාඩුවක් සිදු වී ඇති බව මේ දූෂණ විරෝධී ප්‍රජාතන්ත්‍රවාදියෝ පවසති. දේශපාලනික වශයෙන් ඔවුන් කියා සිටින්නේ රවී කරුණානායකට එරෙහිව මේ තරම් ඉක්මනින් පියවර ගත්තේ නම් අනෙක් දුෂණ චෝදනා ගැන පියවර නොගන්නේ මන්ද යන්නයි.

රවී කරුණානායක පසු පෙලට ගියත් දේශපාලන ඉනිමගේ ඉහළ හිණි පෙත්තකට නැගීමට ඇති අභිලාෂය අත් නොහරිනු ඇත. ඊට සමාන්තරව බොහෝ කිල්ලෝටවල හුණු ඇති බව හෙළිවනු ඇත. මුලික වශයෙන්’මේකා හොරා ඇයි ඕකව ඇල්ල ගන්නේ නැත්තේ’ යැයි එකිනෙකාට ඇඟිල්ල දිගු කරනු ඇත.

මෙය නරක වැඩක් නො වේ එහෙත් මේ දුෂණ විරෝධී රැල්ල ගොඩ නැගෙන්නේ යුක්තිය හෝ සාධාරණය පිළිබඳව රාමුවක් තුළ නොවේ. මෙම දුෂණ විරෝධී ක්‍රියා දාමය සිදුවන්නේ පළිගැනීම සහ ආත්ම ආරක්ෂාව වෙනුවෙනි. ශ්‍රී ලංකාව වැනි සදාකල්හිම ඌන සංවර්ධිත රටවල් වල දුෂිතයින් හෙළිදරව් වන්නේ මේ ආකාරයට විය හැකිය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.