රාජිතට එරෙහි විශ්වාසභංග පෙළ ගැසුණු හැටි

rajitha22ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම පසුගිය සතියේ අඟහරුවාදා නෙලුම් මාවතේදී හමු වූ අවස්ථාවේදී රාජිතට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ තීන්දුව ගනු ලැබිණි. විශ්වාසභංග යෝජනාව සැලසුම් කිරීමේ කාර්යභාරය පැවැරුණේ ඩලස්, ප්‍රසන්න, මහින්දානන්ද, රෝහිත, කංචන, ෂෙහාන්, ගම්මන්පිල ඇතුළු පිරිසටය.

‘රාජිතට එරෙහිව තියෙන චෝදනා සටහන් කර ගන්න’ කියා මහින්ද කීවේ ඩලස් අතින්ය.

‘මම ඒ ටික සටහන් කරගන්නම්, හැබැයි විශ්වාසභංගය හදන වැඩේ අපි ගම්මන්පිලට භාර දෙමු. එතුමා මේ ගැන හොඳට දන්නවා.’
ඩලස් කීවේය.

මහින්දානන්ද ඒ වන විට විදේශගතව සිටියද ඔහුද එම කමිටුවට ඇතුළත් කෙරුණේ මීට ප්‍රථම ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණු නිසාවෙනි. ඒ අනුව මන්ත්‍රිවරුන් කණ්ඩායම වහාම ක්‍රියාත්මක වූයේ විශ්වාසභංගයට අදාළ කරුණු සොයා ගැනීම සදහාය. එක් රැස් කර ගත් තොරතුරුද සමඟ මන්ත්‍රිවරුන් කණ්ඩායම පාර්ලිමේන්තුවේ පළමු මහලේ ස්ථානයකදී මුණගැසුණේ විශ්වාසභංගය කෙටුම්පත් කිරීමටය. එදින උදෑසන යළි මෙරටට පැමිණ සිටි මහින්දානන්ද ද ගුවන්තොටුපොළේ සිට කෙළින්ම පාර්ලිමේන්තුව බලා ආවේ ඊට දායක වීම සඳහාය.

එක් පිරිසක් විශ්වාසභංගය කෙටුම්පත් කරමින් සිටින අතරතුර ෂෙහාන්, පියල්, කංචන ඇතුළු පිරිස තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් අමතමින් කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීමටය. ඒ අතරතුර කංචන ඇතුළු පිරිස ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් මුණගැසී විශ්වාසභංගයට සහයෝගය ඉල්ලා සිටියහ. අපිට විශ්වාසභංගයට අස්සන් කරන්න නම් බැහැ. හැබැයි විවාදයේ දී අපේ යුතුකම ඉෂ්ට කරන්නම්’ ජවිපෙ මන්ත්‍රිවරු කංචනලාට පොරොන්දු වූහ. උදෑසන දහය පමණ වන විට විශ්වාසභංගය කෙටුම්පත් කර අවසන් කර තිබුණු අතර ඉන් අනතුරුව ආරම්භ කෙරුණේ අස්සන් ගැනීමේ මෙහෙයුමය. ප්‍රථමයෙන් අස්සන් තැබුවේ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධනය. වාසු, ඩලස්, වෙල්ගම ද පිළිවෙළින් ඊට පසුව අස්සන් තැබූහ. ඒ වන විට මහින්ද ද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.

මහින්ද ලොබියේ සිටින අතරතුර දුරකතන ඇමැතුමක් ආවේය. මහින්ද ඊට පිළිතුරු දෙත්ම අහල පහළ සිටි මන්ත්‍රිවරුන්ද වටවූයේ ඇමතුම කුමක් සම්බන්ධයෙන් දැයි දැන ගැනීමටය. මහින්දට ඇමැතුම ආවේ උෟවේ පළාත් ප්‍රධාන ඇමැතිවරයාගෙනි. “ඔන්න සර් අපි වැඩේ කළා” ප්‍රධාන ඇමැතිවරයා එසේ කීවේ විසි වැනි සංශෝධනය උෟව පළාත් සභාවේදී පරාජය වීමේ සිද්ධිය ගැන දැනුම් දෙමිනි. උෟවේ මහින්ද වාදියකු වූ අනුර විදානගමගේ මෛත්‍රි පාර්ශ්වයට එකතු වෙද්දී මහඇමැතිගේ මේ පෙරළිය කතා බහක් ඇති කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.