රාජිත දෙවෙනි මෙහෙයුමේ මුල් තැනක

rajitha-22රවි කරුණානායක ඉල්ලා අස්වීමට පෙර පැවැත් වූ අවසන් සාකච්ඡාවට සහභාගීවුනේ අගමැති ,ජනාධිපති සහ රාජිත සේනාරත්නයි. දැන් බලන විට මෙය තවත් මෙහෙයුමක ආරම්භයකි. මෙහිදී සුවිශේෂ ආරාධිතයා වන්නේ රාජිත සේනාරත්නයි. රාජිතට සුවිශේෂ භූමිකාවක් හැදුන ආකාරය පිළිබඳව දැනගන්නට ලැබුනේ ඔහුගේ ලඟම හිතවතෙකු ගෙනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට දුරකථන ඇමතුමක් ලබා දී ඇත. “ඔබතුමා රවී සමග සාකච්ඡා කරන්න.” වරෙක දැඩි ප්‍රතිවාදීන් ව සිටි රාජිත සහ රනිල් අවශ්‍යතාව විසින් එක් කොට ඇත. අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරිම සදහා ගොස් සිටි රාජිත වහාම කොළඹට පැමිණෙන බව පොරොන්දු විය.

දේශපාලන හුට-පටස් වලදී තීරණාත්මක චරිතයක් වන කිනියාවල පාලිත හිමියන් රාජිත සේනාරත්න දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් පැවැසුවේ “රවී කරුණානායකගේ ප්‍රශ්ණය විසඳන්න පුලුවන් රාජිත ඇමැතිතුමාට විතරයි. ඔබ තුමාට මොළයක්, හදවතක් සහ පිටකොන්දක් තිබෙනවා. එම නිසා මෙම ප්‍රශ්ණය රවී කරුණානායක ඇමතිවරයාට තේරෙන විදිහට පහදා දෙන්න” යනුවෙනුයි.

රාජිත සේනාරත්න දී රවී කරුණානායක හමුවීමට ඔහුගේ නිවසට ගියේය.මේ වන විට රාජිත රවී වෙනුවෙන් ළුණු බිකේ කථාවත් සමාජ ගත කොට තිබින.කථාවේ හරය කෙසේවෙතත් එය රවී වෙනුවෙන් කළ එකම පෙනී සිටීමයි.

“ රවී මේ අවස්ථාවේ දී පක්ෂය ගැන හිතන්න. ඔබගේ කීර්තිනාමය ගැන හිතන්න. එක පියවරක් පිටු පස්සට ගන්නා විට තවත් පියවර දෙකක් ඉදිරියට යන්න පුලුවන්. මෙතන ප්‍රශ්ණයක් තිබෙනවා. සමාජය තුල ඔබතුමා පිළිබදව වෙනත් මතයක් නිර්මාණය වෙලා. මාධ්‍ය මගින් විවේචනය කරනවා. ඒ ගැන සොයා බලන්න.” යැයි රාජිත සඳහන් කර සිටියේය.

වැඩක් වුනේ නැහැ
.
රවී කරුණානායක අමාත්‍යවරයා සෙලාන් බැංකුවේ ණය රිසිට් පත් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ “මම හොරකම් කර නිවාස ලබාගන්නටවත්, වෙළෙද ව්‍යාපාර සිදු කරන්නටවත් කැමැති නැති පුද්ගලයෙක්. මම මේවා කොමිසන් සභාවටත් ඉදිරිපත් කළා. කොමසාරිස් වරුන් පිළිගත්තත් රජයේ නීතිඥවරයා එය පිළිනොගෙන තර්ක කළා. එවිට කොමසාරිස් වරුන් ඔහුට අවවාද කළා. මම මොනව කිවුවත් වැඩක් වුනේ නැහැ.”

මඳකට නිහඬ වූ රාජිත -“මම මිතුරෙක් විදිහට කියන්නේ. අවසන් තීරණයක් ගන්න.” යැයි ප්‍රකාශ කරමින් එතනින් ඉවත්ව ගියේය. රවිට නිදි නැති රැයක් පහන් විය.

රවී කරුණානායක ගෙන් රාජිතට දුරකථන ඇමතුමකි.

“රාජිත මම ඉවත් වෙන්නම් ඔයා කියන නිසා. ඔයා හොදට දේශපාලන හැසිරීම දන්නවා.”

පසුදා කැබිනට් රැස්වීමය. රවී නැත.

රවී අස්වෙන්න සුදානම්

කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර රාජිත අග්‍රාමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාට පැවසුවේ “රවී අස්වෙන්න සුදානම්. මම කථා කරලා තියෙන්නේ. ඔබතුමාලා දෙදෙනා කථා කරන්න එපා .කැබිනට් රැස්වීමෙන් පසු රවී සමග සාකච්ඡාවක් කරමු”. යනුවෙනුයි.

එවිට අග්‍රාමාත්‍යවරයා පැවැසුවේ “රාජිත ඔයත් එම සාකච්ඡාවට එන්න” කියායි. එලෙස එම තීරණත්මක රැස්වීමට කී දේ රහසක් ලෙස රැකී තිබේ.එහෙත් සිදුවෙන යමල් පෙනෙන්නට ‘ විමර්ශන හමාර කොට ඇති දුෂණ චෝදනා පිළිබඳව සිදුවන්නේ කුමක්ද?” තමන්ට රිසි නඩු පමණක් ඉදිරියට ගැනීමේ පිළිවෙත ප්‍රශ්න කෙරෙමින් පවතී. රාජපක්ෂවරුන්ට එරෙහි නඩු ප්‍රමාදයට වග කිව යුත්තාට එරෙහි විශ්වාශ භංගයක් සඳහා අත්සන් එකතුවෙමින් පවතී .

පක්ෂය ඇතුලෙන්ම ඒ ඇමතිවරයාට විනය පරීක්ෂණයක් සඳහා ඉල්ලීමකි. වෙබ් අඩවියක් ඇමතිවරයා ගැන සඳහන් කරමින් පවසා ඇත්තේ ඔහුට බඩු බනිස් බවය. මෙය රවී දෙක යැයි හැදින්විය හැකිය.රාජිත එහිදී කුමක් කරනු ඇතිද?

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.