රේල් පාරේ ‘සෙල්ෆී‘ ගහන රනිල් සහ මෛත්‍රී

ranil-mythriතමන් හෝ තම රාජ්‍ය පිළිබඳව වගේ වගක් නැතුව සිටින පාලකයින් සැම කරන්නේ රෝමය ගිනි ගනිද්දී වීණා වාදනයකළ නීරෝටය. සුප්‍රකට දේශපාලන විචාරිකාවක් වන තිසරණී ගුණසේකර පවසන්නේ රනිල් සහ මෛත්‍රී සමකළ හැක්කේ තමන්ගේ ගේ ඉරණම නොතකා හෙණ ගහගෙන එන රේල්ලූව ගැන වගේ වගක් නැතිව රේල් පාරේ සිට ‘සෙල්ෆී‘ ගසන ඩබලකි.

තිසරණී ගුණසේකර ට අනුව මේ රෝග ලක්ෂණයට බලපාන ප්‍රධන කරුණු මෙසේය

(1). අසීමිත අකාර්යක්ෂමතාව, විශේෂ ඕනෑ එපාකම් මත චණ්ඩිකම් පාන කණ්ඩායම් ඉදිරියේ කෙලින් සිට ගැනීමට ඇති අකමැත්ත, තමන්ගේම වළ කැපෙන බව අවබෝධ කර ගැනීමට පවා දක්වන නොහැකියාව. මේනිසා, ‘ස්වාර්ථයේ ආශාව පවා නැති කර ගත්‘ ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වී ඇත.

(2) රාජපක්ෂ ගේ විපක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී නොවන එකකි.පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන ‘දෙමළ ජාතික සන්ධානය‘ ප්‍රජාතන්ත්‍රවාදී වෙතත්. එහි දේශපාලනික-මැතිවරණමය හයිය, පළාත් දෙකකට සීමා වෙයි. ජනතා විමුක්ති පෙරමුණට, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී හෝ ප්‍රජාතන්ත්‍ර-සමාජවාදී පක්ෂයක් බවට හෝ පත්විය හැකිව තිබුණි නම්, ඉහත කී හිඩැස පිරැවීමට ඊට හැකියාව තිබුණි. එහෙත් එසේ වෙනස් වීමේ කැමැත්තක්වත්, හැකියාවක්වත් ජනතා විමුක්ති පෙරමුණට නොවුණි. එහි ප්‍රතිඵලය වුණේ, එම හිඩැස, මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ඒමට පමණක් නොව, රාජපක්ෂවාදි බල කඳවුර යළි ස්ථාපිත කිරීම සඳහා කැප වූ වෛවාරන්න එකතුවක් වන ‘ඒකාබද්ධ විපක්ෂය‘ විසින් පිරැවීමයි.

(3) පොරොන්දු වූ දේවල් නොකිරීමත්, නොකිරීමට පොරොන්දු වූ දේවල් කිරීමත් කරණ මේ ආණ්ඩුව . යහපාලන ප්‍රතිඥා නොතකා හරිමින් රාජපක්ෂලාගේ වැරදිම හිතුමතේ කෙළේය.

(4) අර්බුදය මෝරමින් පුපුරා යන තැනකට පැමිණියොත්, රාජපක්ෂලාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමක් අවශ්‍ය නොවනු ඇත. කුට්ටිය පිටින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන්ගේ ග්‍රහණයට නතු වන අතර, තුන් හතර දෙනෙකු මෛත්‍රීපාල සිරිසේනට ඉතිරි වනු ඇත. එහෙත් එතැනින් නතර නොවන රාජපක්ෂලා එක්සත් ජාතික පක්ෂය තුළත් භේද අවුලුවනු ඇත.

(5)පරදුවට වැටී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ මෛත්‍රීපාල සිරිසේනගේ ඉරණම පමණක් නොව, එක්සත් ජාතික පක්ෂයේ සහ රනිල් වික්‍රමසිංහගේත් ඉරණමයි

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.