වැව් සිඳී යෑමට බලපාන හේතු පහක්

Droughtවැව් පිළිබඳව හා වැව් පිළිබඳව හා එල්ලංගා පද්ධති පිළිබඳ දිගු කලක් පර්යේෂණ කළ මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ජාතික උපදේශක (කෘෂිකර්ම හා ජල කළමනාකරණ) ආචාර්ය පී. බී. ධර්මසේන මහතා පවසන පරිදි අපේ රටේ අතීතයේ තිබු වැව් 30000න් දැනට ඇත්තේ වැව් 14200ක් පමණි. ඉතිරි ඒවා ගොඩවී හා වල් බිහිවී තිබේ. අපේ රටේ තවමත් තරමක් සුරැකී ඇති වැව් 14200න් සියයට 95ක්ම ග්‍රාමීය වැව්ය.

අපේ රටේ ප්‍රථම වැව අභය වැව හෙවත් බසවක්කුලම වැවයි. ක්‍රිස්තු පූර්ව 4 වැනි සියවසේ මේ වැව පණ්ඩුකාභය රජතුමා විසින් ඉදිකරන ලද බව අතීත තොරතුරු අනුව හෙළි කරයි. අක්කර 320ක් විශාල මිලියන කියුබික් අඩි 133ක් රඳවාගත හැකි ජල ධාරිතාවක් ගබඩා කළ හැකි මේ වැව දැනටත් සජීවි වැවක් ලෙස පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක්කර තිබේ.

දැනට මෙරට තිබෙන විශාලතම ජලාශය දිගාමඩුල්ලේ සේනානායක සමුද්‍රයයි. එහි වර්ග ප්‍රමාණය අක්කර අඩි 77000 කි. 1949 – 53 අතර වකවානුවෙහි අපේ ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක මැතිතුමාගේ මෙහෙයවීමෙන් මෙම ජලාශය ඉදිකර තිබේ.

වැව් සිඳී යෑමට බලපාන ප්‍රධාන හේතු මෙසේය:
.
(1)වැව්වල ජල පෝෂක ප්‍රදේශ විනාශ වේ යෑම: වැව් අවට ඇති ජල පෝෂක ප්‍රදේශවල වනාන්තර එළි කිරීම හේතුවෙන් වැස්සෙන් ලැබෙන ජලය ක්‍රමයෙන් පොළොවට උරා ගැනෙන්නේ නැත.පස වැස්සෙන් ලැබෙන ජලය ට කෙළින්ම නිරාවරණය වූ පසට වැටි රොන්මඩත් සෝදාගෙන වැව් ගොඩවේ.

(2) වැව්වල ජලය පුංචි නියඟයටත් සිඳී යන්නේ වැව ඉහත්තාවේ තිබුණු ජලාධාර හා ජල පෝෂක ප්‍රදේශ විනාශ වී යාම හේතුවෙනි.වැස්සෙන් ලැබෙන ජලය පොළොවට උරා ගැනීම අඩු වේ ඇති බැවින් පස සෝදා පාළුවට ලක්වේ.ඒ පස් වැවට ගොස් වැව ගොඩවේ. වැවේ ජලය රඳවා ගැනීමත් සමඟ කුඹුරු අස්වද්දන්න ජලය ලැබෙන්නේ නැත.මේ අතර පරිසර පද්ධතිය අඩපන වීමේ හේතුවන් නියඟ කාලයට භූගත උල්පත් මඟින් වැවට ජලය එකතු වෙන්නේත් නැත. මේ හේතුවෙන් ජලය පුංචි නියඟයටත් සිඳී යයි.

(3)වැව වටා ඇති සැවැන්දරා, වැසි මාර වැනි පාංශු සංරක්ෂණ ශාක කැප දැමීම. වැව වටා ගස් කපා දැමීම හේතුවෙන් වැවේ ජලය වාෂ්පිකරණය අඩුවීමට වැවේ තිබුණු ‘ගස්ගොම්මන’ නම් වැව වටා තිබු ගස් ආවරණය ඉවත් වී වැවට එන සුළං වේගය අවම වී පායන කාලයට වැවේ ජලය වාෂ්පකරණය වැඩිවේ.

(4) පෙරහන, කට්ටකඩුව, තිස්බඹේ, මඩකලුව, කිතුල් ඇළ, ගොඩවල වැනි අතීතයේ වැව් වටා තිබූ පාරිසරික කෘෂි කලාප විනාශ වීම නිසා වියළි කාලයේ වැවට භූගත උල්පත් වලින් ලැබෙන ජලය සීමා වෙයි.

 “ගස් ගොම්මන” යනු වැව් තාවල්ලට ඉහළින් ඇති ඉඩම් තීරුවකි. වැවේ ජලය සුරකින ස්වාභාවික ගස්කොළන් වැඩී ඇති අතර වැව පිටාර ගලන අවස්ථාවන්හිදී පමණක් මෙම ප්‍රදේශයට ජලය ලැබේ. කුඹුක්, නාබඩ, මයිල, දඹ ආදි විශාල ගස්වලින් ද කයිල, එලිපත්ත, කටුකේලිය, කලවැල්, බොකල වැල් ආදි වැල් වර්ගයන් ද මෙම ප්‍රදේශයේ හමු වේ. වැවේ වාෂ්පීකරණය අඩු කරවන සුළං බාධකයන් ලෙසත් ජලයේ උෂ්ණත්වය පහළ දැමීම සඳහාත් ගස් ගොම්මන ක්‍රියා කරයි
වැවේ පෙරහන යනු ගස් ගොම්මනට පහළින් වැවී ඇති තණ පිට්ටනියක් වේ. මෙමඟින් ග‍ඟේ ඉහළ කොටසේ ඇති හේන් ඉඩම්වලින් ගලා එන රොන්මඩ පෙරීමකට ලක් කරයි.
ඉස්වැටිය හෝ පොටවැටිය අතීත වැව දෙපැත්තේ තිබිණි. එය වැව් බැම්මේ දෙපැත්තේම සාදන පස් වැටියකි. ඉහළ කොටසේ බෑවුම් ඉඩම්වලින් ඛාදනය වී එන පස් වැවට ඇතුළුවීම වැළකෙන ලෙස ඉදිකර ඇත. ගොඩවල යනු වියළි කාලයට ලැබෙන කුඩා වැසිවලින් ගලා එන රොන්මඩ සහිත ජලය රැස් කිරීම සඳහා මිනිසුන් විසින් සාදන වළකි. මෙමඟින් වන සතුන් සඳහා අවශ්‍ය ජලය සැපයේ.

වැව් තාවුල යනු වැව් පතුලේ ඉහළ කොටසේ තිබෙන බොහෝ විට තැනිතලා ප්‍රදේශයකි. මෙහි නොගැඹුරු ලෙස ජලය රැඳී පවතින ස්ථාන හමු වේ.
වැව් පිටිය වැවේ ගැඹුරුම ස්ථානය වන මෙහි වැව් ජලයෙන් වැඩි කොටසක් ගබඩා වන අතර වසරකට මාස 8කට වඩා වැඩි කාලයක් ජලයෙන් යට වී ඇත.

වසරේ වියළි මාසවල දී ජලය හමු වන මඩකලුව වැව් බැම්මට ආසන්නයෙන් පිහිටා ඇත. පිටාර මට්මට පහළින් ඇති නිසා මෙහි ඇති ජලය සොරොව්වෙන් පිට කළ නොහැක. ඒ නිසා වැව සි‍ඳෙන්නේ නැත.
තිස් බඹේ යනු ජනාවාසය (ගංගොඩ) වටා හමු වන කිසිවෙකුට හෝ අයිති නැති සාරවත් ඉඩම් තීරුවකි. විසිරී පවතින රටාවකට මී අඹ, පොල් වැනි ශාක විශේෂයෙන් වගා කර ඇත. වැවේ ජලය පෝෂණය කිරීම ද මෙමඟින් සිදු වේ.
කිවුල් ඇළ යනු වැව අසල ඇති පැරැණි ස්වාභාවික දිය පහරකි. මෙය පොදු ජලවහනය සඳහා භාවිත කරයි. දූෂිත ජලයේ තිබෙන ලවණ සහ යකඩ ඉවත් කිරීම සහ කුඹුරු යායේ ජලවහන තත්ත්වය වැඩි දියුණු කිරීමේ හැකියාව මෙහි ඇති වඩාත් වැදගත් ලක්ෂණය වේ.
කට්ටකඩුව – වැව් බැම්මට පහළින් වෙන්කර තිබෙන ඉඩමකි. ජල සිදුරු, තෙත් බිම් සහ වියළි උස් බිම් වශයෙන් තිබීමෙන් විවිධත්වයෙන් යුත් තුරුලතා වර්ධනය වේ. මෙම ඉඩම් කලාපය මඟින් කුඹුරු ඉඩම්වලට ලවණ සහ යකඩ අයන ඇතුළුවීම වැළැකේ. මෙම ජල සිදුරු “යතුරු වළ” වශයෙන් හඳුන්වන අතර භූගත ජල මට්ටම ඉහළට එසවීම මඟින් වැව් බැම්මෙන් සිදු විය හැකි කාන්දු වීම් අවම කරගත හැක.

(5) අවිධිමත් ඉඩම් පරිහරණය හේතුවෙන් රොන්මඩ ගලාගෙන ඒම වැඩිවේ. ඉහළ ජලාධාර සංරක්ෂණ ව්‍යාපෘතියේ හිටපු අධ්‍යක්ෂ ඩී. වී. මුණවීර මහතා පවසන්නේ උමාඔය ඔස්සේ රන්ටැඹේ ජලාශයට වසරකට පස් හා රොන්මඩ ටොන් 150000 ක් ගලා ආ බව තම පර්යේෂණ මඟින් අනාවරණය වේ ඇති බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.