සටන් හමාරයි – සත්‍යග්‍රහය මාරයි

sivil-sanwidaanaඅගෝස්තු මස 15 වැනි අඟහරුවාදා සවස 3 ට කොළඹ විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිට යෝධ සත්‍යග්‍රහයක් සඳහා එන්න්නැයි ආරාධනයකි. එදා රැළි උද්ගෝෂන ආදිය පැවැත්වූ සිවිල් සමාජ ක්‍රියාධරයින් දැන් සත්‍යග්‍රහයක් කර පසු බැස ඇත. මහින්ද ගේ හොරකම් වලට එරෙහි වුය සේ මේ ආණ්ඩුවේ හොරකම් සහ ජඩකම් වලට එරෙහි වීමට මේ අයට ලැජ්ජාවක් තිබෙනවා විය හැකිය. මේ අය පවසන ආකාරයට ආණ්ඩුව හොඳ වඩා ගොඩක් කර තිබේ. එහෙත් නෝටි වැඩද ගණනාවකි.

දූෂිතයන් සහ දේශපාලනික අපරාධකරුවන් සම්බන්ධයෙන් වන විවිධ චෝදනා නීතිය ඉදිරියේ කඩිනමින් විභාග කිරීම සඳහා වෙනම අධිකරණයක් පිහිටුවන ලෙස නොයෙක් වර අප ඉල්ලා ඇතත් ඒ ගැන අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයාත් කිහිප වරක් ප්‍රතිඥා දී ඇතත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසි පියවරක් ගෙන නැත. විජේදාස රාජපක්ෂ ඇමතිවරයා පවසන ආකාරයට මේවා ආවට ගියාට කළ හැකි වැඩ නොවේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ඉල්ලීම මගහැර යාමට මේ ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව කටයුතු කරනු දක්නට ලැබීම තවත් ප්‍රශ්නයකි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන bannerපත්ව සිටින අකරතැබ්බය දන්නේ එතුමන් පමණි.ඡන්දයෙන් පරාජය වී කුජිත වූ කීප දෙනෙකුට එතුමන් විසින් ඇමතිකම් නොදුන්නා නම් මේ වන විට එතුමන් මීටත් වඩා අමාරුවේය. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඇති කර ගැනීමටතා මේ පිරිස කැපවී සිටින බව කියති. මේ නම් තරමක සාධාරණ ඉල්ලීමකි. මන්දයත් ජනාධිපති තුමාටත්
අගමැතිතුමටත් අතුරු වාසි ඇත.සුළු ජාතීන්ට සුහද කොකා පෙන්වා ජාමේ බේරා ගත හැකිය.

‘විගණන පනත’ වැනි සමාජ ප්‍රගමනයට හේතුවන පනත් නීතිගත කිරීමට මේ ආණ්ඩුව තවමත් පස්ස ගැසීම, ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ අහෝසි කිරීමට, බලයට පත්ව වසර දෙකක් තිස්සේමත් නොහැකිව තිබීම දියත් මේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ගේ අප්‍රසාදයට හේතු වී ඇත පළාත් පාලන ඡන්දය නොපවත්වා සිටීම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී යහපැවැත්මට බෙහෙවින් හානිකර බව මේ අය පවසති. එහෙත් පළාත් පාලන ඡන්දය පවත්වා ගැනීම සත්‍යග්‍රහ හරහා නොකෙරෙන බව මේ අය දන්නේ නැතිද? මේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් නොදන්නා දෙයක් ඇත එනම් ඔවුන් වැඩ කරන ආකාරයත් බොහේ දෙනා ගේ අප්‍රසාදයට හේතු වී ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.