අක්මීමන දයාරතන හිමියන්ට මාංචු

almimana-dayarathana-theroගල්කිස්සේ නිවසක සිටි මියන්මාර සරණාගතයින් 31 දෙනකු එම ස්ථානයෙන් ඉවත්කර රටින් පිටුවහල් කරන ලෙස ඉල්ලා එම නිවස ඉදිරිපිට ප‍්‍රකෝපකාරි ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික බලමුළුව සංවිධානයේ සාමාජික අක්මීමන දයාරතන හිමියන් ඔක්තෝබර් 9 වැනිදා දක්වා රිමාන්ඩ් කිරිමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් වහප්දීන් මහතා ඊයේ (2) නියෝග කළේය.

ගල්කිස්සේ නිවසක සිටි මියන්මාර සරණාගතයින් 31 දෙනකු එම ස්ථානයෙන් ඉවත්කර රටින් පිටුවහල් කරන ලෙස ඉල්ලා එම නිවස ඉදිරිපිට ප‍්‍රකෝපකාරි ලෙස හැසිරීමේ සිද්ධිය ආණ්ඩුවේත් මානව හිමිකම් ක්‍රියාධාරින්ගේත් දැඩි විවේචනයට ලක් වී තිබේ.

පසුගිය 26 වෙනිදා ගල්කිස්සේ දී රෝහින්ග්‍යා සරණාගතයින්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම පිළිබඳව ඊට දින කිහිපයකට පෙර එවැන්නක්
සිදුකිරීමට යන බව රාජ්‍ය බුද්ධි සේවය විසින් පොලිස්පතිවරයා ඇතුළු ආදාල බලධාරීන් දැනුවත් කර තිබූ බවත් එදින උදෑසනද ගල්කිස්සේ දී මෙවැනි ප්‍රචණ්ඩ තත්ත්වයක් ඇති වන බව බුද්ධි අංශ විසින් දැනුම් දුන් නමුත් සිද්ධිය වැළැක්වීම සඳහා පොලිස්පතිවරයා හෝ පොලිසිය බාර ඇමැතිවරයා හෝ ජාතික ආරක්ෂා බාර ජනාධිපතිවරයා හෝ කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැතැයි වාර්තා වේ. සිද්ධිය වළක්වා නොගැනීම නිසා ශ්‍රී ලංකාව පිලිබඳ ඉතාමත් නරක චිත්‍රයක් ලොව පුරා ප්‍රචාරය විය.

මේ අතර සරණාගතයන් රැඳී සිටි නිවාසය වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු සහ එක් සැකකාරියක  (30) පස්වරුවේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 9 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ පිරිස නම්
1) මීතොටමුල්ල වැල්ලම්පිටිය පාරේ පදිංචි ලියනගේ අබේරත්න සුරේෂ්
ප්‍රියසාද් හෙවත් ඩෑන් (51)
2) ගනේමුල්ල ගලහින්නගොඩ පදිංචි ජනිත නිරෝෂන දීපගේ (45)
3). දකුණු එඬේරමුල්ලේ අක්බාර් නගරයේ පදිංචි නාවලගේ දොන් චින්තක සංජීව (44)
4) නාවල කොස්වත්ත පාරේ පදිංචි නානායක්කාර ගොඩකන්ද කංකානම්ලාගේ ගයාන්
මධුශංක සෙනෙවිරත්න (22)
5) බොදු බල සේනාවෙන් මැතිවරණයට තරඟ කළ මොරටුවේ පදිංචි කරුවෙක්
6) ගල්කිස්සේ පදිංචි කල්‍යාණි පොඩි මැණිකේ නමැති කාන්තාවක්

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.