අකිල ගේ ගණිත තීන්දුව ලක්ෂ ගණනක් අධ්‍යාපනයෙන් පිටමං කිරීමේ මගක්

නව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් උසස් පෙළ හැදෑරීම සඳහා  සාමාන්‍ය පෙළ ගණිතය  හැදෑරීම අනිවාර්ය  කරන බව කියා සිටී.අධ්‍යපනය පමණට වඩා ලිහිල් කිරීම හොඳ නැති බව කීප දෙනෙක් තමන් හා  කියා සිටි බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.

.

මේ තීන්දුව  බරපතල ගැටළු දෙකක් මතු කරයි.

පලමු වැන්න නම් මේ තීන්දුවේ ඇති අතාර්කික බවයි.දෙවැන්න අධ්‍යාපනය සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ ක්‍රියාවලියේ ඇති අත්තනෝමතික බවයි.

images akila(70)

ගණිතය ඉතා වැදගත් විෂයකි. ප්‍රමාණය,ව්‍යුහය,අවකාශය සහ විපරිණාමය යනාදී දෑ අධ්‍යයනය කිරීම සඳහා  ගණිතය උපකාරී වේ.අනෙක් අතට  ,ප්‍රත්‍යක්ෂ සහ අර්ථදැක්වීම්වලින් ඇරඹී නිගාමී තර්කණය මඟින් සනාථ කළ දැනුම් සම්භාරය වනාහී ගණිතයයි.වඩා සරලව කියතොත්ගිණුම් තැබීම, බිම්මැනුම සහ තාරකා ශාස්ත්‍ර ආදී ප්‍රයෝගික කාර්යන් සඳහා ගණිතය යොදා ගැනීම තුලින් දැනුම ගොඩ නගා ගැනීමට ගණිතය වැදගත් වේ.

අහසේ තරු රටා ගණන් කිරීමේ සිට අල්ලා ගත්  මාළු ගණන ගණනය කර ගත හැකිවීම හේතුවෙන් මානව ශිෂ්ටාචරය බොහේ දේ දිනා ගෙන ඇත.අපි බොන බෙහෙත්  පෙත්තේ සිට අහස් කුස සිසාරා නැගී මහල් ගොඩනැගිල්ල තුල  සැඟවී තිබෙන්නේ ගණිතයේ මහිමයයි.

c wc kannangara
c wc kannangara

එහෙත් ගණිතය  සියල්ල නොවේ.ගණිතය නොදත් එකා මෝඩයෙක් නොවේ. 1977 බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂය සියළු විෂය ධාරාවන් හරහා ගණිතය අනිවාර්ය කළේය.

1985 වන විට  ගණිතය අසමත් වීමේ හේතුවෙන් දෙලක්ෂ තිස් පන්දහසක් පමණ සිසුන්ට පසැල් අධ්‍යාපනය අත් හැර යෑමට සිදුවිය.මෙය C W C  කන්නන්ගර මහතා ඇර දුන් නිදහස් අධ්‍යාපනයේ දොරටු වසා දැමීමකි.බන්දුල  ගුනවර්ධන ඇමතිවරයා මේ බාධකය  ඉවත් කළේය.ඊටත්  පෙර කාලයක ගණිතය සර්ව බලධාරී බුද්ධි  මැනුම් ඒකකය කිරීමේ වරද තේරුම් ගත් අධ්‍යාපන අමත්‍යංශ ලේකම් අචාර්ය ප්‍රේමදාස උඩගම මහතා ගණිතය උසස් පෙළ සියළු විෂය ධාරාවන් හැදෑරීමසඳහා නිවාර්ය නොකිරීමට පියවර ගත්තේය.

නව අධ්‍යාපන ඇමතිවරයා ගණිතය සියළු උසස් පෙළ විෂයන් හැදෑරීම සඳහා අනිවාර්ය කිරීමේ තීරණය ක්‍රියාවට නැංවුවහොත් ලක්ෂ ගණනක් වූ සිසුන්  සඳහා උසස් පෙළ දොරටුව වැසෙනු ඇත.

imagesmath

අමාත්‍ය චම්පික රණවක පෙන්වා දෙන පරිදි උසස් පෙළ ගණිතය ඉගැන්වීම සඳහා මුළු රටටම සිටින්නේ ගුරුවරුන් අට සිය දෙනෙක් පමණි.මේ අනුව බලන විට ගණිතය විෂය උගන්වන ආකාරය පිලිබන්දව බොහේ දේ කළ  යුතුව ඇත. සාමාන්‍ය  පෙළදී ගණිතය විෂයෙන් හරිඅඩක් පමණ අසමත් වන්නේ ඇයිද යන්න හොයා බැලිය යුතුය.

ගණිතය හුදෙක් විභාගයකට සමත් විය යුතු විෂයකට වඩා ජීවිතය හැ බැදුණු විෂයක් බවට පත් කරන්නේ කෙසේදැයි සිතීම ප්‍රමුක කාර්ය විය යුතුය.

අ.පො.ස. (සා.පෙළ) අසමත් ප්‍රතිශතය

1994 -36% 

2013- 45% 

ආචාර්ය ආනන්ද ජයවර්ධන පෙන්වා දෙන පරිදි පහත සඳහන් කරුණු ගණිත  අධ්‍යාපනය  දුර්වල වීමට හේතු වී ඇත.
1. ළමයාගේ තර්කන බුද්ධිය / ගණිත බුද්ධිය සංවර්ධනය වන ආකාරය ගැන පර්යේෂණ නොකර විෂය නිර්දේශ සැකසීම.

2. විෂය නිර්දේශවල අධික බරක්‌ තිබීම.

3. ගණිත ගුරු පුහුණුව යල් පැන ගිය දුර්වල අධ්‍යාපන විද්‍යා පීඨවලට පැවරීම.

4. ගුරුවරුන්ගේ ගණිතය ඉගැන්වීමේ දුර්වල ක්‍රමවේද.

5. ඉගෙනීම බිය මත රඳා නොපවතී යන අධ්‍යාපන මූලධර්මය ගණිතය ඉගැන්වීමේ දී නොසලකා හැරීම.

6. ගණිතය ඉගැන්වීමේ දී ළමයින් කෙරෙහි පෞද්ගලික අවධානය ලබා නොදීම.

7. ළමයාගේ තර්කන/ගණිත බුද්ධි සංවර්ධනයේ ස්‌වභාවය සලකා ගණිතය ඉගැන්වීමට කටයුතු නොකිරීම.

8. ගණිත විෂය නිර්දේශ සකස්‌ කර ඒවා පංති කාමරවලට උගන්වා ළමයින්ට ඉගැන්වීමට හා තේරුම් ගැනීමට හැකි හා අදාළ විෂය කොටස්‌ තෝරා ඉගැන්වීමට ක්‍රියා නොකිරීම.

9. ජාතික ගණිත අධ්‍යාපන පර්යේෂණ අංශයක්‌ මගින් මේ පිළිබඳ පර්යේෂණ අනාවරණ ඉදිරිපත් නොකිරීම.

Sri Lanka School Students O L A L

මෙවැනි මුලික කරුණු නොසලකා ගණිතය අනිවාර්ය කිරීමට ගත් තීරණය ගැන නව අද්යාපන් ඇමතිවරයා විසින් නැවත් සිතා බැලිය යුතුය. එසේ කිරීම සඳහා  ගුරු සංගම් සහ විශ්ව විද්‍යාල ආචාර්ය සංගම් විසින් මැදිහත් වීම් කිරීම වැදගත්ය.

ලක්ෂ  ගණනක් වූ මතු පරපුරට බලපාන මෙවැනි තීරණයක් ගැනීමේදී එය ප්‍රමානවත් මහජන සාකච්ඡාවකට  ලක් කල යුතු බව අගමැතිවරයා සහ  ජනධිපතිවරයා තම  කැබිනට් මණ්ඩලයට පහදා දීම වැදගත්ය.එසේ නොකොට ජනාධිපතිතුමා ‘මම ඔබේ සේවකයා වෙමි කීවාට වැඩක් නැත’.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.