අකුරැස්සේදී මහින්දට අතවරයක්

 

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දකුණේ ඡන්ද රැස්වීම් අමතමින් අඟහරුවාදා අකුරැස්ස නගරයට ගියේය. එහි පරණ බස් නැවතුම්පළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්‍රචාරක රැලියකි. සවස 4ට පමණ එය ඇරැඹිණි. මහින්ද එහි ආවේ සවස 5.30ට පමණය. වෙඩි නොවදින බෙන්ස් රියෙන් බැස සෙනග අතරින් යද්දී පුද්ගලයෙක් රැස්වීම බැලීමට පැමිණ සිටි පුද්ගලයකු ඔහුගේ අතින් අල්ලන්ට ආවේය.

එවිට කුමක් හෝ පැටලිල්ලක් සිදුවී මහින්ද රාජපක්ෂ මහතාගේ මුහුණේ ඉරියව් වෙනස් විය. ඔහු දෙතොල විකාගෙන මිට මොලවාගත් අත ඔසවා ප්‍රහාරයකට මෙන් සැරසුණේය. ඔහුගේ ආරක්ෂකයෝ තිදෙනෙක් එම ප්‍රහාරය වැලැක්වීම සඳහා රාජපක්ෂ මහතා පසෙකට තල්ලු කළේය. ඔහු වැටෙන්නට ගියේය.

පිටුපසින් සිටි ආරක්ෂකයෝ ඔහු අල්ලා ගත්හ. ඉන්පසු අකුරැස්සේ සංධාන හිතවතකුවන

මනෝජ් සිරිසේන මහතා මහින්ද වේදිකාවට කැඳවාගෙන ගියේය. මිනිත්තු 25ක් පමණ මහින්ද කථා කළ නමුත් එම සිදුවීම ගැන කිසිත් කීවේ නැත.

 

 

web1

 

 

 

[vsw id=”/GSYPHhHflNc” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.